ජාතික සුපිරි ලීගයේ පුහුණුකරුවන් නම් කරයි

ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලිය 2023

1662

බ්‍රහස්පතින්දා (19) ආරම්භ වීමට ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් පහේ පුහුණුකරුවන් සහ කළමනාකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වය රුවින් පීරිස් විසින් දරද්දී, ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුවන් කල්පගේ නම් කර තිබෙනවා. දේශීය ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන පුහුණුකරුවෙකු වන තිලිණ කණ්ඩම්බි යාපනය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

දඹුල්ල කණ්ඩායමේ පුහුණුකරු ලෙස තවත් ජාත්‍යන්තර තලයේ අත්දැකීම් සහිත පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධන කටයුතු කරද්දී, මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මලින්ද වර්ණපුරයි.

යාපනය කණ්ඩායමේ සහය ප්‍රධාන පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන පත් කර ඇති අතර උපුල් චන්දන දඹුල්ල කණ්ඩායමේ සහය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරද්දී, මනෝජ් අබේවික්‍රම මහනුවර කණ්ඩායමේ සහය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මෙම පුහුණුකරුවන්ට අමතරව සියලුම කණ්ඩායම් සඳහා සහය පුහුණුකරුවන් දෙදෙනා බැගින් නම් කර ඇති අතර දඹුල්ල කණ්ඩායම සඳහා අමතර සහය පුහුණුකරුවෙක් නම් කර තිබීම විශේෂත්වයක්.

කණ්ඩායම් 5 පුහුණුකරුවන් සහ කළමනාකරුවන්,

Colombo  Galle  Jaffna  Dambulla  Kandy
Manager  ප්‍රියන්ත උදයරත්න ඩිල්රාන් අබේසේකර Shezard Nizar සුරන්ජිත් ධර්මසේන Shamsheer

Jaleel

Head Coach  රුවින් පීරිස් රුවන් කල්පගේ තිලිණ කණ්ඩම්බි අවිශ්ක ගුණවර්ධන මලින්ද වර්ණපුර
Asst. Head  

Coach

ධම්මික සුදර්ශන උපුල් චන්දන මනෝජ් අබේවික්‍රම
Asst. Coach  සමන් ජයන්ත ශේනුක දිසානායක රවින්ද්‍ර පුෂ්පකුමාර සජීව වීරකෝන් ඉයන් ඩැනියල්
Asst. Coach  නිශාන්ත වීරසිංහ ඉන්දික ද සේරම් තාමර අබේරත්න තරංග ධම්මික සරත් ජයවර්ධන
Asst. Coach  පසන් වණසිංහ

මෙවර ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලිය ජනවාරි 16 සිට මාර්තු 05 දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම විඳ ගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<