කුසල්, ධනංජය, දික්වැල්ල, රමේෂ් සහ කමිඳුට නායකත්ව වගකීම්

ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලිය 2023

8374

ජනවාරි 19 වැනිදා ආරම්භ වීමට නියමිත ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

කණ්ඩායම් පහකින් යුත් එම තරගාවලියේ නායකයින් ලෙස කුසල් මෙන්ඩිස් (කොළඹ), ධනංජය ද සිල්වා (යාපනය), නිරෝෂන් දික්වැල්ල (නුවර), රමේෂ් මෙන්ඩිස් (ගාල්ල) සහ කමිඳු මෙන්ඩිස් (දඹුල්ල) කටයුතු කිරීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 100 දෙනෙකු තේරී පත්ව ඇති අතර තරගාවලිය SSC, ආර්. ප්‍රේමදාස, පී. සරා ඕවල්, පල්ලෙකැලේ, දඹුල්ල, හම්බන්තොට සහ ගාල්ල යන ක්‍රීඩාංගණ හත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

Colombo: කුසල් මෙන්ඩිස් – නායක, දිමුත් කරුණාරත්න, අවිශ්ක ප්‍රනාන්දු, නිපුන් ධනංජය, හේෂාන් ධනුෂ්ක, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, අශේන් බණ්ඩාර, මනෝජ් සරත්චන්ද්‍ර, රොෂේන් සිල්වා, ලකිත මුණසිංහ, කවිඳු නදීෂාන්, ඉසිත විජේසුන්දර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, නිසල තාරක, කලන පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක.

Jaffna: ධනංජය ද සිල්වා – නායක, සදීර සමරවික්‍රම, නිෂාන් මධුෂ්ක, නවෝද් පරණවිතාන, සුකිත මනෝජ්, කසුන් අබේරත්න, ජනිත් ලියනගේ, මාධව වර්ණපුර, අවිශ්ක තරින්ඳු, ළහිරු මධුශංක, රවිඳු ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, ශිරාන් ප්‍රනාන්දු, කවිඳු පතිරගේ, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, දිලුම් සුදීර, සංජුල බණ්ඩාර, ශෂික දුල්ෂාන්.

Kandy: නිරෝෂන් දික්වැල්ල – නායක, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, ලසිත් කෲස්පුල්ලේ, කසුන් අධිකාරි, තනුක දාබරේ, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, අහන් වික්‍රමසිංහ, රවීන් යසස්, සහන් ආරච්චිගේ, ළහිරු කුමාර, අම්ෂි ද සිල්වා, නිම්සර අතරගල්ලගේ, මතීෂ පතිරණ, නිපුන් රංසික, ලසිත ඇඹුල්දෙණිය, අශේන් ඩැනියල්, වනුජ සහන්, සචිත්‍ර පෙරේරා.

Galle: රමේෂ් මෙන්ඩිස් – නායක, සංගීත් කුරේ, හෂාන් දුමිඳු, ලක්ෂාන් එදිරිසිංහ, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, තුලින ඩිල්ෂාන්, විෂාද් රංදික, පී. එම්. කුමාර, ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, දුනිත් වෙල්ලාලගේ, නිමේෂ් විමුක්ති, සුමින්ද ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, තිලංග උදේෂාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ්, ප්‍රවීන් ජයවික්‍රම, කෞමාල් නානායක්කාර.

Dambulla: කමිඳු මෙන්ඩිස් – නායක, මිනෝද් භානුක, සහන් නිමේෂ්, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, ගයාන් මනීෂාන්, අභිෂේක් ලියනාරච්චි, දිලාන් ජයලත්, ලසිත් අබේරත්න, අශාන් ප්‍රියන්ජන්, වනිඳු හසරංග, ළහිරු සමරකෝන්, චමින්ද විජේසිංහ, සනෝජ් දර්ෂික, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න, ලක්ෂාන් සඳකැන්, මලින්ද පුෂ්පකුමාර, දුෂාන් හේමන්ත.

මෙම තරගාවලිය ජනවාරි 19 වැනිදා සිට මාර්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම විඳ ගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<