Nafshan සහ Sasaගෙන් Hattricks

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

303

කොළඹ, ගාල්ල සහ කුරුණෑගල දී ක්‍රියාත්මක වූ ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 9 වැනි සතියේ සමාරම්භක තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට Pelican SC සහ Police SC සමත් වුනා.

ගාල්ලේ දී පැවති Super Sun SC සහ New Star SC තරගය අවසන් වුනේ කිසිදු ගෝලයක් වාර්තා නොවෙමිනුයි.

Solid SC සහ Pelicans SC

Solid ක්‍රීඩකයින් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ Pelicans ක්‍රීඩකයින් මෙම තරගය ජයග්‍රහණය කරන්නට සමත් වුනේ ගෝල 8-1ක් ලෙසයි.

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ දී පළමු අර්ධය නිමා වුනේ ගෝල 3-1ක් ලෙසයි.

ලකුණු පුවරුව ආරම්භ කරමින් Pelicans ක්‍රීඩක Teofanov Sasa විසින් පළමු ගෝලය වාර්තා කළේ 17 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව 25 වැනි මිනිත්තුවේ දී ද නැවත ක්‍රියාත්මක වූ Sasa ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා.

ප්‍රථම අර්ධය අවසන් වීමට පෙර Pelicans ක්‍රීඩක Nafshan Mohomed විසින් ගෝලයක් වාර්තා කළේ 39 වැනි මිනිත්තුවේ දීයි.

පළමු අර්ධයේ දී Solid වාර්තා කළ ගෝලය සඳහා හිමිකම් කීවේ Nimaal Minron විසිනුයි. ඒ දඬුවම් පහරක් ඔස්සේ ලැබුණු අවස්ථාවකිනුයි.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 5ක් යන විට Sasa සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගන්නට සමත් වුනා. ඒ 50 වැනි මිනිත්තුවේ දී ඔහු විසින් වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

ඉන් අනතුරුව 61 වැනි මිනිත්තුවේ දී Edison Figurago විසින් සාර්ථකව පන්දුව ගෝලය තුලට එල්ල කළේ Pelicans වෙත තවත් ලකුණක් එකතු කරමින්.

ඉන්පසුව 72 වැනි මිනිත්තුවේ දී Jekumar Shanthan විසින් ද Pelicans වෙනුවෙන් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ Solid ක්‍රීඩකයින්ගෙන් ජයග්‍රහණය ඈතට රැගෙන යමිනුයි.

තරගයේ අවසන් ගෝල ද්විත්වයට හිමිකම් කීවේ Nafshan විසිනුයි. ඔහු 74 වැනි සහ 87 වැනි මිනිත්තුවල දී ගෝල වාර්තා කරමින් සිය ගෝල ත්‍රිත්වයේ අවස්ථාව සාර්ථක කර ගන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Solid SC 1 – 8 Pelicans SC

ගෝල ලාභීන්:

  • Solid – Nimaal Minron (45’P)
  • Pelicans – Teofanov Sasa (17’, 25’, 50’), Nafshan Mohomed (39’, 74’, 87’), Edison Figurago (61’), Jekumar Shanthan (72’)

Moragasmulla SC සහ Police SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ගෝල 2-1ක් ලෙස අවසන් වුනේ පොලිස් ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමින්.

10 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට පොලිස් ක්‍රීඩක Anthony Thanujan සමත් වුනා. එම ගෝලයෙන් මිනිත්තු 10ක් පමණ ගත වෙද්දී ලකුණු පුවරුව සම තත්වයට ගෙන එමින් මොරගස්මුල්ල වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කරන්නට තිසර ද සිල්වා සමත් වුනා.

ගෝල 1-1ක් ලෙස සමව අවසන් වූ පළමු අර්ධයෙන් අනතුරුව සහ ජයග්‍රාහී ගෝලය වෙනුවෙන් දෙපිලේම ක්‍රීඩකයින් සටන් කරනු දක්නට ලැබුණු අතර ආදේශ ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි පොලිස් Midfielder ක්‍රීඩක හසරංග ප්‍රියනාත් 76 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා.

එම ගෝලයෙන් අනතුරුව දෙපිලේම ක්‍රීඩකයින් විසින් ලකුණු පුවරුව වෙනස් කර හැකි ගෝලයක් වාර්තා කරන්නට අසමත් වූ අතර ඒ අනුව ගෝල 2-1ක් ලෙස තරගය අවසන් වුනේ පොලිස් ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමින්.

අවසන් ලකුණු තත්වය: Moragasmulla SC 1 – 2 Police SC

ගෝල ලාභීන්:

  • Moragasmulla – තිසර ද සිල්වා (22’)
  • Police – Anthony Thanuja (10’), හසරංග ප්‍රියනාත් (76’)

ශූරයින්ගේ ලීගයේ 9 වැනි සතියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<