Serendib හමුවේ Solid ක්‍රීඩකයින්ට දරුණු පරාජයක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

243

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති ශූරයින්ගේ ලීග් 7 වැනි සතියේ අවසන් තරගයෙන් Solid SC ක්‍රීඩා සමාජයට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට Serendib SC ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ Serendib ක්‍රීඩක Mohamed Fayas විසිනුයි. ඒ 25 වැනි මිනිත්තුවේ දීයි. ඉන් මිනිත්තු 3ක් පමණ ගත වෙද්දී ලකුණු පුවරුව දෙගුණ කරන්නට Serendib නායක Asante Evans සමත් වුනා.

ඉන්පසුව, 38 වැනි මිනිත්තුවේ දී Serendib ක්‍රීඩක Mohamed Safwan විසින් තවත් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ තරගයේ සම්පූර්ණ පීඩනය ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙසට යොමු කරමින්.

ගෝල 3-0ක් ලෙස අවසන් වූ ප්‍රථම අර්ධයෙන් පසුව තවදුරටත් ගෝල වාර්තා කරමින් ප්‍රතිවාදීන්ට අසීරු පීඩනයක් එල්ල කරන්නට Serendib ක්‍රීඩකයින් සමත් වුනා. එහි දී, Evans විසින් දෙවැනි වරටත් සාර්ථකව ගෝලයක් දැල් ගත කරන්නට සමත් වුනා. ඒ 51 වැනි මිනිත්තුවේ දීයි.

එම ගෝලයේ උණුසුම යන්නටත් පෙර Serendib වෙත තවත් ගෝලයක් එකතු කරන්නට Vincent Geethan සමත් වුනා. ඒ 52 වැනි මිනිත්තුවේ දී. ඉන් අනතුරුව, 73 වැනි මිනිත්තුවේ දී සිය Hattrick අවස්ථාව සපුරා ගත් Evans තවත් ගෝලයක්  සාර්ථක කරගන්නට සමත් වුනා.

ඒ ගෝලයක් සමඟින් ගෝල 6ක පීඩනයක් ප්‍රතිවාදීන් සතු වූ අතර එය ගෝල 7ක් දක්වා වර්ධනය කරන්නට Serendib ක්‍රීඩක නිශාන් ජීවන්ත සමත් වුනේ දෙවැනි අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයකට පෙරයි.

ඒ අනුව Solid ක්‍රීඩකයින්ට අමිහිරි මතක රැසක් ඉතිරි කරමින් ගෝල 7-0ක් ලෙස ජයග්‍රාහීව 7 වැනි සතිය අවසන් කරන්නට Serendib ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Solid SC 0 – 7 Serendib SC

ගෝල ලාභීන්:

  • Serendib – Mohamed Fayas (25’), Asante Evans (28’, 53’ & 73’), Mohamed Safwan (38’), Vincent Geethan (52’), නිශාන් ජීවන්ත (88’)

තරගාවලියේ 8 වැනි සතිය මේ සතියේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<