SLTB පරදා මීගමුවට හොඳ ජයග්‍රහණයක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

183
SLTB v Negombo Youth FC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (05) පැවති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල (SLTB) සහ Negombo Youth FC හි ශූරයින්ගේ ලීග් 8 වැනි සතියේ සමාරම්භක තරගයෙන් ගෝල 5-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට මීගමුව ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ 8 වැනි මිනිත්තුවේ දී ලකුණු වාර්තා කරමින් තරගයට පිවිසෙන්නට SLTB ක්‍රීඩකයෝ සමත් වුනා. Vijesundaram Yugesh විසින් වාර්තා කළ එම ගෝලයට ප්‍රතිඋත්තර දෙන්නට මීගමුව ක්‍රීඩකයින් සමත් වුනේ 12 වැනි මිනිත්තුවේ දීයි.

Chtysteen Fernando විසින් වාර්තා කළ එම ගෝලයෙන් පසුව තරගයේ ලකුණු පුවරුව දෙගුණ වන්නේ 32 වැනි මිනිත්තුවේ දීයි. මීගමුව කණ්ඩායම් නායක නිලූක ජනිත් විසින් වාර්තා කළ ගෝලයත් සමඟි පළමු අර්ධය අවසන් වන්නේ ගෝල 2-1ක් ලෙසයි.

දෙවැනි අර්ධයේ දී නැවතත් දක්ෂ ක්‍රීඩා රටාවක් දියත් කළ මීගමුව ක්‍රීඩකයින් වෙනුවෙන් ශානක ප්‍රසාද් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ 48 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව ප්‍රදීප් ප්‍රනාන්දු විසින් 53 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කරමින් ගෝල 4-1ක් ලෙස ලකුණු පුවරුව ඉහළ දමන්නට සමත් වුනා.

අද තරගයේ අවසන් ගෝලය වාර්තා කරන්නට Shimal Naheer සමත් වුනේ 61 වැනි මිනිත්තුවේ දී. ඉන් අනතුරුව දෙපිලේම ක්‍රීඩකයින් විසින් ගෝල වාර්තා නොකළ අතර තරගය අවසන් වුනේ ගෝල 5-1ක් ලෙස මීගමුව ජයග්‍රහණය කරමින්.

අවසන් ලකුණු තත්වය: Negombo Youth FC 5 – 1 SLTB

ගෝල ලාභීන්:

  • Negombo – Chtysteen Fernando (12’), නිලූක ජනිත් (32’), ශානක ප්‍රසාද් (48’), ප්‍රදීප් ප්‍රනාන්දු (53’), Shimal Naheer (61’)
  • SLTB – Vijesundaram Yugesh (8’)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<