Java Lane, Saunders තියුණු ජයග්‍රහණ අතරට; මාතරට ගෝල 2ක ජයක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

185

දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක දී, ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 7 වැනි සතිය තරග 4ක් අද (30) නිමාවට පත්වුනා.

එහි දී, St. Mary’s පරාජය කරමින් Java Lane ද, මොරගස්මුල්ල පරාජය කරමින් Saunders ද සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල (SLTB) ක්‍රීඩකයින් පරාජය කරමින් Matara City ද ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

New Star සහ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජ අතර තරගය ගාල්ලේ දී නිමා දුටුවේ ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.

St. Mary’s SC v Java Lave SC

ගෝල 2-1ක් ලෙස මෙම තරගය නිමා වුනේ Java Lane ක්‍රීඩකයින් විසින් ජයග්‍රහණය වාර්තා කරමිනුයි.

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් ගෝල වාර්තා කළේ Java Lane ක්‍රීඩක Oluwaseeun Olawale විසිනුයි. ඒ 29 වැනි මිනිත්තුවේ දීයි.

කෙසේ නමුත් ඉන් අනතුරුව පළමු අර්ධයේ අතිරේක මිනිත්තු කිහිපය වන තෙක් ලකුණු පුවරුව නොවෙනස්ව පැවතුනත්, St. Mary’s ක්‍රීඩක Sebamalainayagam Gnanaruban විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය දෙපිලටම විවෘත කර දුන්නා.

දෙවැනි අර්ධය ආරම්භ වී එහි අවසානය වන තෙක්ම කණ්ඩායම් දෙකම කිසිදු ලකුණක් වාර්තා කරන්නට අසමත් වූ නමුත් Olawale විසින් 90+1 මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය Java Lane සතු කළා.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 1 – 2 Java Lave SC

ගෝල ලාභීන්:

  • Java Lave – Oluwaseeun Olawale (29’, 90+1’)
  • Mary’s – Sebamalainayagam Gnanaruban (45+3’)

Moragasmulla SC සහ Saunders SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් මොරගස්මුල්ල පරාජය කරමින් ගෝල 2-3ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට Saunders ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස සමව අවසන් වූ අතර වාර්තා වූ ගෝල දෙකම තරගාරම්භයෙන් මිනිත්තු 5ක් යන්නටත් පෙර වාර්තා වීම විශේෂත්වයක්.

එහි දී, දෙවැනි මිනිත්තුවේ දී Saunders ක්‍රීඩක සමීර පීරිස් විසින් ගෝලයක් වාර්තා කරද්දී, තෙවැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ප්‍රතිවාදී ක්‍රීඩක පුබුදු සකුලද ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා.

දෙවැනි අර්ධය ආරම්භ වී සුළු මොහොතක් ගත වෙද්දී තරගයේ පෙරමුණ මොරගස්මුල්ලට දිනා දෙන්නට Andrew De Waas සමත් වුනේ ලකුණු පුවරුව දෙගුණ කරමිනුයි. කෙසේ නමුත් සමීර විසින් 70 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් සමඟින් තරගය නැවතත් දෙපිලටම විවර වුනා.

තරගයේ අවසාන මිනිත්තු කිහිපය දක්වාම කරට කර සටනක් පැවති අතර දෙවැනි අර්ධයේ අතිරේක කාලයේ දී ඩිලන් ද සිල්වා විසින් වාර්තා කළ ගෝලයත් සමඟින් තරගයේ ජයග්‍රහණය Saunders සතු වුනා.

අවසන් ලකුණු තත්වය: Moragasmulla SC 2 -3 Saunders SC

ගෝල ලාභීන්:

  • Moragasmulla – පුබුදු සකුලද (3’), Andrew De Waas (49’)
  • Saunders – සමීර පීරිස් (2’ & 70’), ඩිලන් ද සිල්වා (90+2)

Matara City Club සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය

ගෝල 2-0ක් ලෙස මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට මාතර ක්‍රීඩකයින් සමත් වුනා.

පළමු අර්ධය ගෝල රහිතව නිමා වෙද්දී දෙවැනි අර්ධය ආරම්භයේ දී ගෝලයක් වාර්තා කරමින් පෙරමුණ ගන්නට මාතර ක්‍රීඩක Larbi Prince සමත් වුනා. ඉන් අනතුරුව 78 වැනි මිනිත්තුවේ දී මාතර ලකුණු පුවරුව දෙගුණ කරන්නට Boadu Price සමත් වුනා.

කෙසේ නමුත් තරගය අවසන් වන තෙක් SLTB ක්‍රීඩකයින්ට සාර්ථකව ගෝල වාර්තා කරන්නට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Matara City Club 2 – 0 SLTB

ගෝල ලාභීන්:

  • මාතර – Larbi Prince (49’), Boadu Price (78’)

ශූරයින්ගේ ලීගයේ 7 වැනි සතියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<