ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියත් හබක් 

416

එළඹෙන ජූලි මසදී ආරම්භ වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකගෙන් වාර්තාවක්

Master and Fitness Trainer සුදුසුකම සපුරා ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාව වීමේ වරම් දිනා ගන්නට…

බංග්ලාදේශය තුළ පවතින නව කොරෝනා වසංගත තත්වය අනුව සහ ඒ නිසාවෙන් ඔවුන්ගේ ක්‍රීඩකයින් මුහුණ දී තිබෙන ගැටළු ඉදිරිපත් කරමින් මෙම තරගාවලිය සඳහා ඔවුන්ට සහභාගී වීම කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මේ වන විට සිය එළිමහන් පුහුණු කඳවුරු ආරම්භ කර ඇති නමුත් බංග්ලාදේශය තුළ නව කොරෝනා වෛරස තත්වය තවමත් පාලනය වී නොමැති නිසා එරට ක්‍රීඩකයින්ගේ එළිමහන් පුහුණුවීම්, කණ්ඩායම් ලෙස සිදුකිරීම ආරම්භය තවදුරටත් ප්‍රමාද කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හට සිදුව ඇත. 

දින නියමයක් නොමැතිව කල් ගිය මෙම තරගාවලිය සඳහා ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ටෙස්ට් තරග තුනක් ඇතුළත්ව තිබුනි. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතව සිටි තරගාවලි දෙකක් (එංගලන්තය සමඟ ටෙස්ට් තරග 2ක්, බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරග 3ක්) මේ වන විට දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ.

ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අවසර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ගරු අධ්‍යාපන…

දැනට පවතින තත්වය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිතව සිටි පහත දැක්වෙන තරගාවලි මෙම නව කොරෝනා වසංගත තත්වය නිසා දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ. 

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – ටෙස්ට් තරග 2 (මාර්තු) 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – එක්දින තරග 3, විස්සයි විස්ස තරග 3 (ජුනි) 

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – එක්දින තරග 3, විස්සයි විස්ස තරග 3 (ජුනි/ජූලි) 

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – ටෙස්ට් තරග 3 (ජූලි/අගෝස්තු) 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<