17න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමට සියල්ල සූදානම්

17න් පහළ SAFF පාපන්දු ශූරතාවය

203

මෙම වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 17න් පහළ SAFF පාපන්දු ශූරතාවයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා.

සැප්තැම්බර් 05 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත එම තරගාවලිය සඳහා ශ්‍රි ලංකා 17න් පහළ කණ්ඩායම තේරීම සඳහා වන ජාතික තේරීම් තරඟ පිළිබඳව ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් දැනුවත් කර තිබුණා.

එම තේරීම් තරග සඳහා 2006 වසරේ ජනවාරි 01 වැනිදා සිට 2008 වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර උපත ලැබූ ක්‍රීඩකයින්ට සහභාගී විය හැකි අතර එක් එක් පාසල්වල විදුහල්පතිවරුන්ට සිය පාසලෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් තේරීම් තරග සඳහා නම් කිරීමට හැකියාව පවතිනවා.

තේරීම් තරග පවත්වන දිනයන් සහ ස්ථාන

පළමුවැනි අදියර – උතුරු පළාත

  • දිනයන්: අගෝස්තු මස 05 සහ 06
  • ස්ථානය: ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානය – යාපනය
  • අගෝස්තු මස 05 : මුලතිව්, කිලිනොච්චි සහ වව්නියා දිස්ත්‍රික් සඳහා
  • අගෝස්තු මස 06: ‍යාපනය සහ මන්නාරම් දිස්ත්‍රික් සඳහා

දෙවැනි අදියර – උතුරු මැද සහ නැගෙනහිර පළාත

  • දිනය: අගෝස්තු මස 05 සහ 06
  • ස්ථානය: ජාතික ක්‍රීඩා සංකීර්ණය – පොලොන්නරුව
  • අගෝස්තු 05: අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික් සඳහා
  • අගෝස්තු 06: අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සඳහා

තෙවැනි අදියර – බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්

  • දිනය: අගෝස්තු මස 05,06 සහ 07
  • ස්ථානය: ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානය – බැද්දගාන
  • අගෝස්තු 05 : කුරුණෑගල, පුත්තලම, කෑගල්ල දිස්ත්‍රික් සඳහා
  • අගෝස්තු 06: කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් සඳහා
  • අගෝස්තු 07: බදුල්ල, මොණරාගල, නුවර, මාතලේ සහ නුවරඑළි දිස්ත්‍රික් සඳහා

මෙම තේරීම් මඟින් තෝරා ගන්න ක්‍රීඩකයින් අගෝස්තු 08 සහ 09 දින බැද්දෙගාන ජාතික පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන අවසන් තේරීම් සඳහා සහභාගී වීමට නියමිත අතර එයින් පසු ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ජාතික සංචිතය නම් කිරීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<