ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු ඉතිහාසය අලුත් වෙයි

516

ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 20 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. 

දීපාල් මදුරප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් විනිසුරු කමිටුව කරන ලද යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් ඉකුත් දා රැස්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ.

තවත් ක්‍රිකට් පුවත්;

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන මෙම කොන්ත්‍රාත් ලබා දීම කාණ්ඩ 3ක් යටතේ සිදු කර තිබේ. එහි දී ජාතන්තර තලයේ පසුවන විනිසුරුවන් සිව්දෙනෙකු, නැගී එන කණ්ඩායමේ විනිසුරුවන් හය දෙනෙකු සහ පළමු පෙළ විනිසුරුවරුන් 10 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබනු ඇත.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් පවත්වන ලද උසස්වීම් විභාගය සමත් ක්‍රිකට් විනිසුරුවන් 133 දෙනෙකුට කාණ්ඩ 2ක් යටතේ උසස්වීම් ලිපි ප්‍රදානය පසුගිය ජූලි මස 19 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා ඇති බස්නාහිර පළාත් ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<