චමරිට ඕස්ට්‍රේලියාවේ දී තවත් සම්මානයක්

කාන්තා Big Bash තරගාවලිය 2023

644

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා Big Bash තරගාවලියේ 9 වැනි අදියරෙහි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

තරගාවලිය පුරාවට තුන් ඉරියව්වෙන් ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වූ චමරි ලකුණු 42.58ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 511ක් රැස් කිරීමට සමත් වූ තරගාවලිය පුරාවට හයේ පහර 17ක් සහ හතරේ පහර 69ක් ලබා ගත් ඇයගේ ප්‍රහාරාත්මක වේගය 129.69ක් ලෙස දැක්වුණා.

පන්දු යැවීමේ දී ලකුණු 6.79ක කැපී පෙනෙන සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වූ ඇය තරගාවලිය පුරාවට කඩුලු නවයක් දවා ගැනීමට සහ උඩ පන්දු අටක් රැක ගැනීමට සමත්ව තිබුණා.

මෙම දක්ෂතම ක්‍රීඩිකාව තේරීම සඳහා ඡන්ද විමසීමේ දී චමරි හට ඡන්ද 30ක් ලැබී තිබූ අතර දෙවැනි ස්ථානය දිනා ගත් Katie Mack හට ඡන්ද 29ක් ලැබී තිබෙනවා.

එමෙන්ම මෙවර තරගාවලියේ දක්ෂතම යොවුන් (නැගීඑන) ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට Brisbane Heat කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වු Charli Knott සමත් වුනා.

තරගාවලිය පුරාවට ඉනිම් 14ක් ක්‍රීඩා කරමින් ලකුණු 220ක් රැස් කළ ඇයගේ ප්‍රහාරාත්මක වේගය 147.65ක් ලෙස දැක් වූ අතර ඇයගේ පන්දු රැකීමේ දස්කම් ද කැපී පෙනුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<