“Franchise ක්‍රිකට් කියන්නේ මුදල්ම පමණක් නෙවෙයි” – චමරි අතපත්තු

කාන්තා බිග් බෑෂ් ලීගය 2023

715
කාන්තා බිග් බෑෂ් ලීගය 2023

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලීගයේ Sydney Thunder කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා.

එම තරගාවලියේ ඇය සහභාගී වූ පළමු තරගයේ දී අර්ධ ශතකයක් සහ කඩුලු තුනක් දවා ගැනීමට ඇය සමත් වුනේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලබමිනුයි.

පසුව Zoom තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී සිය අදහස් දක්වමින් චමරි අතපත්තු ප්‍රකාශ කර තිබුණේ, Franchise (වරළත්) ක්‍රිකට් යනු හුදෙක්ම මුදල් මත පදනම් වූ දෙයක් නොවන බවයි.

Franchise ක්‍රිකට් කියන්නේ මුදල්ම නෙවෙයි. එය අලුත් දේවල්, අලුත් සංස්කෘතීන් පිළිබඳ දැන ගන්න වගේම අත්දැකීම් ලබා ගන්න හොඳ තැනක්. මම දන්නවා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශයේ ඉන්න ගොඩක් ක්‍රීඩිකාවෝ මෙම බිග් බෑෂ් තරගාවලිය ක්‍රීඩා කරන්න ඉතා කැමතියි.

මෙම ඉල්ලා සිටිනවා තවත් දකුණු ආසියානු ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියේ දස්කම් පෙන්නුම් කරන්න අවස්ථාව දෙන්න කියලා. මෙම තරගාවලිය ලෝකේ හොඳම ලීග් තරගාවලි වලින් එකක්, මම කැමතියි මේකෙන් ගන්න අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සමඟ හුවමාරු කර ගන්න.

ශ්‍රී ලංකාව නියෝජනය කරන විශ්මි, හර්ෂිතා සහ කවීෂා දිල්හාරි වැනි යොවුන් නැගීඑන ක්‍රීඩිකාවන් මෙම ලීග් තරගාවලිවල ක්‍රීඩා කරන්න ඕන ක්‍රීඩිකාවන්. ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේ පන්දුවාර 10 කාන්තා ලීග් තරගාවලියක් සංවිධානය කරමින් සිටිනවා.

මට Sydney Thunder නායිකා Heather Knight සමඟ ඉතාම හොඳ සම්බන්ධයක් තියෙන නිසා ගැටලුවක් නැහැ. ඇය ඉතාමත් දක්ෂ ලෙස මෙම කණ්ඩායම හසුරුවනව.

මම ලංකාවේ ජර්සිය අදින හැම වෙලේම කැමති ඉස්සරහ ඉදගෙන නායකත්වය ලබා දෙන්න. මම කැමති යොවුන් ක්‍රීඩිකාවන්ට කියන්න වර්තමානය ඉලක්ක කරලා භය නැතුව ක්‍රීඩා කරන්න කියලා අනාගතය ගැන හිතන්නේ නැතිව.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<