ධනංජය ලක්ෂාන් සංචිතයට; භානුකට විවේකයක්

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

343

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ හෙට (25) ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (24) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි හිමිව ඇත්තේ දසුන් ශානකටයි.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔහුට ආදේශකයක් ලෙස ධනංජය ලක්ෂාන් සංචිතයට එක්ව තිබෙනවා.

වමත් පිතිකරු භානුක රාජපක්ෂ මෙම සංචිතයට ඇතුළත් වූවත් ඔහු එක්දින පිටියෙන් විවේකයක් ඉල්ලා ඇති නිසා ඔහුව සංචිතයෙන් නිදහස් කරන බව ද ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අසිත ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ළහිරු කුමාර, භානුක රාජපක්ෂ.

තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගය හෙට (25) ආරම්භ වන අතර තරග සියල්ල මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න