ඉන්දීය ප්‍රධාන වේගපන්දු යවන්නාට මාස 6ක විවේකයක්

186
Bumrah undergoes surgery

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන Jasprit Bumra හට නවසීලන්තයේ දී සිදු කළ සැත්කම සාර්ථක බවත්, ඔහු ඉතාමත් හොඳ තත්වයේ පසුවන බවත් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සුප්‍රකට වෛද්‍ය Rowan Schoutenගේ අධීක්ෂණය යටතේ මෙම සැත්කම සිදු කර තිබුණේ ඔහුගේ කොන්ද ආශ්‍රිත ආබාධය සඳහායි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින Bumraගේ තත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවත්, ඔහු ඉක්මන් නැවත සුව වීමේ ක්‍රියාවලිය වෙත යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

කෙසේ නමුත් ඔහුගේ තත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීම රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර ඔහු සම්බන්ධ සියලු ගැටලු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කරන බව ප්‍රකාශ කර තිබුණා.

Rowan Schouten නවසීලන්තයේ ඉතා පළපුරුදු වෛද්‍යවරයෙක් වන අතර ඔහු මීට පෙර James Pattinson, Jason Behrendorff සහ Jofra Archer යන ක්‍රීඩකයින්ට ද ප්‍රතිකාර කර තිබීම විශේෂත්වයක්.

Mumbai Indians කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන Shane Bond විසින් Bumraව මෙම වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වන අතර ඔහු (Bond) මීට පෙර එම රෝහලේ දී ප්‍රතිකාර ලබා තිබෙනවා.

කෙසේ නමුත් Jasprit Bumra පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති නමුත් ඔහුට සති 24ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බවත්, අගෝස්තු මාසයේ දී ඔහුට දැල් තුල පුහුණුවීම් ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඔහු 2023 එක්දින ලෝක කුසලානය වන විට සම්පූර්ණ සුවය ලබනු ඇති බව ද ඉන්දීය බලධාරීන් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

2023 එක්දින ලෝක කුසලානය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<