දකුණු අප්‍රිකාවට නව T20 නායකයෙක්

194

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස දකුණත් පිතිකරු Aiden Markram පත් කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ නායකත්ව ප්‍රතිසංස්කරණය යටතේ හිටපු නායක Temba Bavumaව පසුගිය මාසයේ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් කළ අතර ඔහුව එක්දින සහ ටෙස්ට් නායකයා ලෙස පත් කිරීමට ද ඔවුන් කටයුතු කළා.

28 වැනි වියේ පසුවන Aiden Markram, 2014 වසරේ දී දකුණු අප්‍රිකා 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර දේශීය පිටියේ අත්දැකීම් බහුල නායකයෙකු වන ඔහු නිමාවට පත් වූ දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගයේ ශූරතාවය දිනා ගත් Sunrisers Eastern Cape කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

Markram නායකත්වය දරන පළමු තරගාවලිය මෙම මස අවසානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලිය සඳහා නම් කළ දකුණු අප්‍රිකා විස්සයි විස්ස සංචිතයෙන් හිටපු නායක Temba Bavuma ඉවත් කර ඇති අතර Bjorn Fortuin සහ Sisanda Magala සංචිතයට කැඳවා තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියෙන් Anrich Nortje සහ Kagiso Rabada විවේක ගන්වා ඇති අතර Gerald Coetzee, Tony de Zorzi සහ Tristan Stubbs පළමු වරට දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් වන Markram, Marco Jansen, Heinrich Klaasen, David Miller සහ  Wayne Parnell පළමු එක්දින තරගවලින් විවේක ගන්වා තිබෙන නමුත් ඔවුන් ඉතිරි තරගය සඳහා කණ්ඩායමට එක් වීමට නියමිතයි.

පළමු එක්දින තරග දෙක සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායම: Temba Bavuma (නායක), Gerald Coetzee, Quinton de Kock, Tony de Zorzi, Bjorn Fortuin, Reeza Hendricks, Sisanda Magala, Keshav Maharaj, Wiaan Mulder, Lungi Ngidi, Ryan Rickelton, Andile Phehlukwayo,Tristan Stubbs, Lizaad Williams, Rassie van der Dussen.

තෙවැනි එක්දින තරගය සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායම: Temba Bavuma (c), Gerald Coetzee, Quinton de Kock, Tony de Zorzi, Bjorn Fortuin, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Sisanda Magala, Keshav Maharaj, Aiden Markram, David Miller, Wiaan Mulder, Lungi Ngidi, Ryan Rickelton, Wayne Parnell, Andile Phehlukwayo, Tristan Stubbs, Lizaad Williams, Rassie van der Dussen.

විස්සයි විස්ස තරගාවලිය සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායම: Aiden Markram (නායක), Quinton de Kock, Bjorn Fortuin, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Sisanda Magala, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Kagiso Rabada, Rilee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<