චතුරංග සහ ලහිරු පන්දුවෙන් දක්ෂතා දක්වයි

107

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (03) Group B කාණ්ඩයේ තරග දෙකක් පැවති අතර එහි දී පන්දුවෙන් දක්ෂතා දැක්වීමට චතුරංග ද සිල්වා සහ ලහිරු සමරකෝන් සමත් වූහ. 

එන්. සී. සී. කණ්ඩායමේ චතුරංග ද සිල්වා රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව පෙර දිනයේ කඩුලු 2ක් ලබා සිටි අතර අද ඔහු තවත් කඩුලු 4ක් දවා ගත්තේය. බදුරලිය ක්‍රිකට් සමාජයේ දකුණතින් වේගපන්දු යවන ලහිරු සමරකෝන් ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 72කට කඩුලු 4ක් දවා ගත්තේය.

රොෂේන්, උදාර සහ අශේන් ශතකවලින් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ……………..

එන්. සී. සී. සහ රාගම අතර තරගය 

එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූහ. 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 552ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් රාගම ක්‍රිකට් සමාජය ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 461ක් පමණි. 

Photos: NCC vs Ragama CC | SLC Major League Tier ‘A’ tournament 2019/20

පළමු ඉනිමේ ලබා ගත් ලකුණු අතුරින් තවත් ලකුණු 91ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 121ක් ලබා ගත්හ. 

එම ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ ඇන්ජලෝ පෙරේරා නොදැවී අර්ධ ශතක ලබා ගත්හ. 

තරගයේ අද දවසේ කැපී පෙනෙන පිතිකරු බවට පත් වීමට නායක නිශාන් මධුශ්ක සමත් විය. ඔහු පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේය.  එන්. සී. සී. කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 144කට කඩුලු 6ක් දවා ගත්තේය. 

එන්. සී. සී.; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 482) සියලුම දෙනා දැවී 552 (107) ලහිරු උදාර 290, ඇන්ජලෝ පෙරේරා 74, චතුරංග ද සිල්වා 57, සහන් ආරච්චිගේ 55, චාමික කරුණාරත්න 31, අමිල අපෝන්සු 5/152, ඉෂාන් ජයරත්න 3/100

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 68.5ක දී කඩුලු 3ක් දැවී 269) සියලුම දෙනා දැවී 461 (130.5) උදාර ජයසුන්දර නොදැවී 131, රොෂේන් ලිස්වා 139, නිශාන් මධුශ්ක 74, අමිල අපෝන්සු 24, ශිරාන් ප්‍රනාන්දු 28,  චතුරංග ද සිල්වා 6/144, චාමික කරුණාරත්න 2/34

එන්. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 121 (15.5) පැතුම් නිස්සංක නොදැවී 56, ඇන්ජලෝ පෙරේරා නොදැවී 52, ඉෂාන් ජයරත්න 2/12

Tier B පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයා හර්ෂ විතාත

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Premier League Tier B ක්‍රිකට් තරගාවලියේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට්……………….

බදුරලිය සහ ලංකන් අතර තරගය 

අද (03) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය නිමා වෙන විට පළමුවෙන් පන්දුවට පහර දෙන ලංකන් ක්‍රිකට් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබා සිටියහ.

කාසියේ වාසිය දිනා ගත් බදුරලිය ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් මලිත් සිල්වා සහ චානක රුවන්සිරි අර්ධ ශතක වාර්තා කළහ. දමිත සිල්වා පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තේය. 

ඔහු සහ ගීත් කුමාර එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් එක් කළහ. ගීත් කුමාර පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේය. 

නායක චානක රුවන්සිරි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 58කි. මේ සඳහා ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේය. 

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 299 (90) කසුන් අබේරත්න 30, දමිත සිල්වා 82, ගීත් කුමාර 40, චානක රුවන්සිරි 58, රිසිත් උපමාල් නොදැවී 34, ලහිරු සමරකෝන් 4/72, ටී. එන්. සම්පත් 2/57

මෙම තරගය හෙට (04) දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<