නිපුන්, අලංකාර, සමීන් සහ රුමේෂ් ශතක අතරට

SLC Major League Cricket Tournament 2022

662

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 8 වැනි සතියේ පළමු දිනය වූ අද දවස (07) නිමාවේ දී නිපුන් ධනංජය, අලංකාර අසංක, සමීන් කඳනාරච්චි සහ රුමේෂ් බුද්ධික ශතක වාර්තා කිරීමට සමත් වුණා.

SSC කණ්ඩායමේ 22 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු නිපුන් ධනංජය කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 245කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමගින් නොදැවී ලකුණු 173ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

බදුරලිය කණ්ඩායමේ නායක අලංකාර අසංක හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළා. පන්දු 219කට මුහුණ දුන් ඔහු හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 127ක් ලබා ගත්තා.

එම තරගයේ දී අලංකාර සහ අනුක් ප්‍රනාන්දු අතර සිවු වැනි කඩුල්ලට ලකුණු 205ක සබඳතාවක් එක් වුණා. අනුක් ප්‍රනාන්දු පන්දු 175කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 92ක් ලබා සිටිනවා.

ගාල්ල කණ්ඩායමේ නායක සමීන් කඳනාරච්චි කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව  පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 123ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල ඉහළ ම දක්ෂතාවයි.

නුගේගොඩ කණ්ඩායමේ රුමේෂ් බුද්ධික NCC කණ්ඩායමට එරෙහිව පන්දු 179කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 109ක් ලබා ගත්තා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සචින් ජයවර්ධන, සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ ලොහාන් ද සොයිසා, CCC කණ්ඩායමේ මිනෝද් භානුක, BRC කණ්ඩායමේ ලියෝ ෆ්‍රැන්සිස්කෝ, පානදුර ක්‍රීඩා සමාජයේ පවන් ද සිල්වා, ශනුක දුලාජ් සහ නිමේෂ් විමුක්ති, රාගම කණ්ඩායමේ දිනෙත් තිමෝද්‍ය සහ නිශාන් මධුශ්ක, සැරසන්ස් කණ්ඩායමේ සිතාර ගිම්හාන්, දුශාන් විමුක්ති සහ නිපුන් කරුණානායක,  SSC කණ්ඩායමේ රොෂේන් සිල්වා, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ඉමේෂ් උදයංග, ශ්‍රී ලංකා යුද හමුදාවේ මහේෂ් කුමාර සහ ටැමිල් යුනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන අද අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එකතු වූවා.

පන්දු යැවීමේ දී කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ පා දඟ පන්දු යවන සචිත්‍ර පෙරේරා කලුතර කණ්ඩායමට එරෙහිව ලකුණු 18කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

එමෙන් ම කුරුණෑගල යූත් කණ්ඩායමේ 20 හැවිරිදි වමතින් දඟ පන්දු යවන සකිඳු විජේරත්න ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 46කට කඩුලු 6ක් දවා ගත්තා.

CCC කණ්ඩායමේ 21 හැවිරිදි වමතින් දඟ පන්දු යවන සොනාල් දිනූෂ ද සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 22කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.

මේ අතර මූවර්ස් කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් අද තම පළමු පෙළ තරග දිවියේ 150 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වීම ද කැපී පෙණුනා.

Group A

CCC සහ සෙබස්තියනයිට්ස් අතර තරගය CCC පිටියේ දී

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (53.3) රයන් ප්‍රනාන්දු 21, ලොහාන් ද සොයිසා 57, මනෙල්ක ද සිල්වා 28, සොනාල් දිනූෂ 5/22, කමිඳු මෙන්ඩිස් 3/27
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 128 (25) මිනෝද් භානුක නොදැවී 60, කමිඳු මෙන්ඩිස් නොදැවී 47

ගාල්ල සහ කුරුණෑගල යූත් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (74.2) සමීන් කඳනාරච්චි 123, ශාලිත් ප්‍රනාන්දු 34, කවිඳු එදිරිවීර 37, Raghu Sharma 27, දිනූෂ්ක මාලන් 2/42, සකිඳු විජේරත්න 6/46
  • කුරුණෑගල යූත් – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 30 (8.2) ගයාන් මනීශාන් නොදැවී 19

කලුතර සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • කලුතර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (50.2) සදීශ් ජයවර්ධන 29, නිපුන ගමගේ 46, ඉමේෂ් උදයංග 2/41, සචිත්‍ර පෙරේරා 6/18
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 115 (34) ඉමේෂ් උදයංග නොදැවී 53

මූවර්ස් සහ BRC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී 

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (67.1) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 53, ඩිලාන් ජයලත් 38, තිලකරත්න සම්පත් 20, දුශාන් හේමන්ත 32, දනාල් හේමානන්ද 47, මිලාන් රත්නායක 3/55, රමේෂ් මෙන්ඩිස් 3/64, චානුක ඩිල්ශාන් 2/29
  • මුවර්ස් – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 46 (16) ජනිශ්ක පෙරේරා නොදැවී 21, දිනුක ඩිල්ශාන් නොදැවී 20

SSC සහ කෝල්ට්ස් අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 292 (83) නිපුන් ධනංජය නොදැවී 173, රොෂේන් සිල්වා 65, දුනිත් වෙල්ලාලගේ 3/105

Group B

බදුරලිය සහ හලාවත මේරියන්ස් අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී

  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 282 (78.1) අලංකාර අසංක 127, අනුක් ප්‍රනාන්දු නොදැවී 92, රනේෂ් සිල්වා නොදැවී 19

බ්ලූම්ෆීල්ඩ් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 235 (87) කසුන් ඒකනායක 48, මිෂේන් සිල්වා 20, සචින් ජයවර්ධන 59, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 39, දුලංජන මෙන්ඩිස් නොදැවී 19, Hasnain Bokhari 3/49

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පානදුර අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 376 (90) පවන් ද සිල්වා 50, ලක්ෂාන් රොද්‍රිගෝ 21, ශානුක දුලාජ් 86, රොෂාන් විජේනායක 46, රමින්ද විජේසූරිය 43, Abhishek Gupta 61, නිමේෂ් විමුක්ති නොදැවී 58, ඩිලංක අවර්ඩ්ට් 2/86, නවින් කවිකාර 2/62

NCC සහ නුගේගොඩ අතර තරගය NCC පිටියේ දී

නුගේගොඩ – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 252 (79) රුමේෂ් බුද්ධික 109, දිල්හාර පොල්ගම්පොල 32, රනිත ලියනාරච්චි නොදැවී 46, මතීෂ පතිරණ 4/24

රාගම සහ ලංකන් අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • රාගම – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 290 (81) යොහාන් ලියනගේ 38, දිනෙත් තිමෝද්‍ය 93, නිශාන් මධුශ්ක 64, ජනිත් ලියනගේ 48, අවිශ්ක තරිඳු 24, රජීව වීරසිංහ 2/63

සැරසන්ස් සහ මීගමුව අතර තරගය BRC පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 235 (82.2) සිතාර ගිම්හාන් 61, දුශාන් විමුක්ති 60, නිපුන් කරුණානායක 74, චනුර ප්‍රනාන්දු 3/44, ඩිල්ශාන් මුණවීර 2/43, උපුල් ඉන්ද්‍රසිරි 4/63
  • මීගමුව – පළමු ඉනිම කඩුල්ලක් දැවී 23 (6)

ටැමිල් යුනියන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය පී. සරා ඕවල් පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවි 212 (47.4) තුලින ඩිල්ශාන් 24, ලක්ෂාන් එදිරිසිංහ 38, මහේෂ් කුමාර 50, සීක්කුගේ ප්‍රසන්න 29, යශෝද මෙන්ඩිස් 31, ශිරාන් ප්‍රනාන්දු 4/75, කවිඳු පතිරත්න 3/50, රවීන් ද සිල්වා 2/23
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 92 (22) නවෝද් පරණවිතාන 50, යශෝද මෙන්ඩිස් 2/19, අසංක මනෝජ් 2/50, සීක්කුගේ ප්‍රසන්න 2/22

මේ සියලු තරග හෙට (08) දෙවැනි දිනයට පැවැත්වීමට නියමිතයි. දවසින් දවස උණුසුම් වන තරගාවලියේ උණුසුම් පුවත් සමගින් රැදී සිටින්න ThePapare.com සමග.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<