පළඟ ශූරතාවයේදී මොකද වුනේ?

666
Rugby

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ දෙවැනි සතිය ඉතා වේගවත් සතියක් වුනා. එහි තරග පැවති ආකාරය පිළිබඳව අපි කෙටියෙන් බලමු.

මලල ක්‍රීඩාවෙන් රග්බි ක්‍රීඩාවට ආ නිවංක ප්‍රසාද්

රග්බි ක්‍රීඩාව කියන්නේ පුදුමාකාර ක්‍රීඩාවක්. අමුතු ක්‍රීඩා විලාශයක්, අමුතු මානසික තත්වයකින් ක්‍රීඩා කළ යුතු මේ ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙත්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය මීට සති දෙකකට කලින් ආරම්භ වූ අතර සියලු පාසල් තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණීමට මහත් වෙහෙසක් ගන්නා බවක් හොඳින් දක්නට ලැබුනා. කෙසේ වුවත් දෙවැනි වටයේ පළඟ ශූරතාවයේ දෙවැනි සතියේ තරග වෙනස් මුහුණුවරක් ගත්තා.  

පසුගිය 13 වනදා එම සතියේ පළමු තරගය පැවැත්වුනේ කුරුණෑගල මලියදේව විදුහල හා මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ සත්කාරකත්වය සුමංගල විදුහල හෙබවූවා. මෙම තරගාවලිය පුරාවටම එක් තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වූ කුරුණෑගල මලියදේව විදුහල මෙම තරගයේදී විශේෂ උපක්‍රම භාවිතා කරමින් සුමංගල ක්‍රීඩකයින් තම අණසකට යටත් කරගන්නා ආකාරයක් දක්නට ලැබුනා. වේගවත් ක්‍රීඩා විලාශයකට හිමිකම් කියන සුමංගල ක්‍රීඩකයින්ට තම වේගයෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩනොදෙමින් මලියදේව ක්‍රීඩකයින් ආරක්ෂාව තර කරමින් ක්‍රීඩා කළා. කෙසේ වෙතත් අවසානයේදී ලකුණු 26-17ක් වශයෙන් කුරුණෑගල මලියදේව විදුහල තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා මෙවරත්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සමගාමීව අඛණ්ඩව 6 වැනි වරටත් “ThePapare ජනප්‍රියතම පාසල් රග්බි ක්‍රීඩකයා” තරගය

පසුදින එනම් 14 වනදා තවත් තරගයක් පැවැත්වුනා. ඒ කොළඹ D.S. සේනානායක විදුහල හා මහනුවර කිංග්ස්වූඩ් විදුහල අතර. කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති එම තරගය තරගය අවසන් වුනේ පළඟ ශූරතාවයේ අපරාජිතයින් වූ සත්කාරක D.S. සේනානායක විදුහල කඳුළු සයුරක ගිල්වමින්. මහනුවර කිංග්ස්වුඩ් විදුහල ලකුණු 22-10ක් ලෙස එම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් මනා ලෙස තමන්ගේ ආරක්ෂාව තර කරගෙන ඉදිරිපෙළ භාවිත කරමින් ක්‍රීඩා කළ අතර D.S ක්‍රීඩකයින් එයට ඉදිරිපෙළින්ම ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මාන බැලීම නිසා තමයි D.S ක්‍රීඩකයින්ට පරාජය වෙන්නට වුනේ.

එම දිනයේදීම (14) තවත් තරගයක් පැවැත්වුනා. ඒ විද්‍යාර්ථ විදුහල හා සාන්ත අන්තෝනි විදුහල අතර තරගය. නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේ පළමු අර්ධයේදී අන්තෝනි ක්‍රීඩකයින් පන්දුව මනා ලෙස හසුරුවමින් ක්‍රීඩා කළත් දෙවන අර්ධයේදී අන්තෝනි ආරක්ෂාව බිඳ හෙලමින් විද්‍යාර්ථයින් තරගය කණපිට පෙරලූ ආකාරයක් දක්නට ලැබුනා. විද්‍යාර්ථ ක්‍රීඩක චිරන්ත කලුආරච්චිගේ දස්කම් මනා ලෙස ප්‍රයෝජනයට ගනිමින් විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලකුණු 22-19ක් ලෙස තරගය ජයගන්නේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් අන්ද මන්ද කරමින්.

ලීග් ශූරතාව කරා CH රැගෙන යන්න ප්‍රබලයින් දෙදෙනෙක් සංචිතයට

කලක් අන්තර් සමාජ රග්බි පිටියේ අවසන් ස්ථාන කිහිපය අතර සිටි CH&FC කණ්ඩායම නිමා වූ වසරේ දී සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්ට සමත් වූ

මෙම සතියේ පළඟ ශූරතාවයේ අවසන් තරගය ඊයේ (15) දිනයේ පැවැත්වුනා. ඒ මහනුවර ධර්මරාජ විදුහල හා කොළඹ සහිරා විදුහල අතර. නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයෙන් ලකුණු 13-12ක් ලෙස තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් වුනේ කොළඹ සහිරා විදුහල. නමුත් සහිරා ක්‍රීඩකයින්ට තරගයේ ජයග්‍රහණය පහසුවෙන් භුක්ති විඳීමට ධර්මරාජ ක්‍රීඩකයින් ඉඩ දුන්නේ නෑ. ධර්මරාජ ක්‍රීඩක ගෞරව් පන්නිල ඉතා අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරමින් ධර්මරාජයට වාසියක් එක්කළද සහිරා ක්‍රීඩකයින්ගේ පන්දු හැසිරවීමේ දක්ෂතාවය නිසාම මෙම තරගයේ ජයග්‍රහණය සහිරා ක්‍රීඩකයින්ට හිමිවුනා.

මේ වනවිට මහනුවර කිංග්ස්වුඩ් විදුහල ප්‍රසාද ලකුණු 17ක් ලබාගෙන පළඟ ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින අතර කොළඹ D.S. සේනානායක විදුහල ප්‍රසාද ලකුණු 12ක් සමඟින් දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.


>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<