කනිෂ්ක මධුවන්ත සහිරා ජය හෑල්ලු කරයි

288

සාන්ත පීතර විද්‍යාලයට වඩා ලකුණු 72ක් ඉදිරියෙන් සිටිමින් පිටියට පිවිසි සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමේ ගෞරවය දෙවැනි ඉනිමේ දී රැක ගැනීමට කනිෂ්ක මධුවන්ත ඉඩ දුන්නේ නැත. ඔහු සහිරා ඉනිමේ කඩුලු 6ක් ලකුණු 29කට දවා ගනිමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් විය.

සත්කාරකයෝ ලකුණු 194කට දැවී යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු…

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ මෙම ක්‍රිකට් තරගාවලියට සිංගර් ශ්‍රී ලංකා සමාගම අනුග්‍රහය දක්වනු ලබන අතර අද (24) කොළඹ සහිරා විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති තරගයෙන් පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු ලබා ගනිමින් තරගය නිමා කිරීමට සත්කාරක සහිරා කණ්ඩායම සමත් විය. මේ අතර අද (24) මහනුවර දී ආරම්භ වූ ධර්මරාජ සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

සහිරා විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර තරගය

B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයට සියලුම දෙනා දැවී ලබා ගත් හැකි වූයේ ලකුණු 122ක් පමණි.

පෙර දිනයේ සාන්ත පීතරයින්ගේ ඉනිම ක්‍රියාත්මක වෙද්දී ක්‍රීඩාංගණයට පැමිණි අඳුර හේතුවෙන් තරගයේ පළමු දිනයට සමුදෙන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 14ක් ලබා සිටිය හ. ඔවුන් අද තම ඉනිම ගොඩ නගද්දී වැඩි දායකත්වයක් දැක්වූයේ සංතුෂ් ගුණතිලක ය. ඔහු ලකුණු 41ක් ලබා ගත්තේ ය. ඊට අමතරව රන්මිත් ජයසේන ලකුණු 23ක් ලබා ගනිමින් ඊට දායකත්වය දුන්නේ ය. කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් රිෆාත් ලකුණු 28කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

කනිෂ්ක මධුවන්තට අමතරව වනුජ කුමාර කඩුලු දෙකක් දවා ගත්තේ ය. කඩුලු 9කට ලකුණු 101ක් වූ සහිරා ඉනිමට ලකුණු 41ක් එක් කිරීමට මොහොමඩ් සමාස් සමත් විය.

සහිරා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (91): ඉම්තියාස් ප්ලාස් 41, ඩිල්සර සාමින්ද නොදැවී 47, මොහොමඩ් ඩිල්හාන් 51, සංතුෂ් ගුණතිලක 3/24, ශිවාන් පෙරේරා 2/15, රුවින් සෙනෙවිරත්න 2/52

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (43.3): සංතුෂ් ගුණතිලක 41, රන්මිත් ජයසේන 23, ඉම්තියාස් සලසා 3/45, මොහොමඩ් රිෆාත් 5/28, මොහොමඩ් කාලීඩ් 2/22

සහිරා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 101 (50.1): මොහොමඩ් සමාස් 41, යසිත් නිර්මල 20, කනිශ්ක මධුවන්ත 6/29, වනුජ කුමාර 2/11

එංගලන්ත තුරුම්පුවෙන් දෙවන කඩුල්ලේ සාර්ථකත්වය බිඳ වැ‍ටේ

දිනයේ පළමු කාර්තු දෙකේ දී ශ්‍රී ලංකාවට වැඩි වාසි හිමිවූත්, අවසන් කාර්තුවේ දී එම…

මහනුවර ධර්මරාජ සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් අතර තරගය

C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සංචාරක සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 172ක් ලබා සිටියේ ය.

එම ඉනිම වෙනුවෙන් යොහාන් මධුවන්ත පන්දු 68කට සහභාගී වී නොදැවී ලකුණු 32ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණු ලාභියා විය. කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සහන් සිරිවර්ධන ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 172 (59) ඔනෙල් ඉලංගසේකර 22, යොහාන් මධුවන්ත 32, අචින්ත දේශා්න නොදැවී 36,  සහන් සිරිවර්ධන 4/50, විරාජිත් ඇහැලේපොල 2/34

මෙම තරගය හෙට (25) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග වාර්තා, එසැණ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<