ශ්‍රී ලංකා Legends කාලසටහන නිකුත් කරයි

Road Safety World Series 2022

646

එළඹෙන 10 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත Road Safety World Series 2022 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයින්ගේ පළමු තරගය Australia Legends සමඟින් පැවැත්වීමට නියමිතයි.

තරගාවලි සංවිධායකයින් විසින් නිකුත් කළ තරග කාලසටහන අනුව ශ්‍රී ලංකාව තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඕස්ට්‍රේලියාව සමඟ තරගයෙන් පසුව ශ්‍රී ලංකාව පිළිවෙළින් එංගලන්ත, දකුණු අප්‍රිකා, නවසීලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම් සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Road Safety World Series තරගාවලියේ සියලු තරග Kanpur, Indore, Dehradun, සහ Raipur හිදි පැවැත්වීමට නියමිත අතර තරගාවලිය ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකා ලෙස ටී. එම්. ඩිල්ෂාන් කටයුතු කරන අතර ඔහුට අමතරව සනත් ජයසූරිය, චමින්ද වාස්, ධම්මික ප්‍රසාද්, ඩිල්රුවන් පෙරේරා සහ නුවන් කුලසේකර සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් අතරින් කිහිප දෙනෙක්.

ශ්‍රී ලංකා තරග කාලසටහන

  • ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව – සැප්තැම්බර් 11 – රාත්‍රි 7:30 – Kanpur
  • ශ්‍රී ලංකාව සහ එංගලන්තය – සැප්තැම්බර් 13 – රාත්‍රි 7:30 – Kanpur
  • ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව – සැප්තැම්බර් 17 – රාත්‍රි 7:30 – Indore
  • ශ්‍රී ලංකාව සහ නවසීලන්තය – සැප්තැම්බර් 25 – සවස 3:30 – Dehradun
  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය – සැප්තැම්බර් 27 – සවස 3:30 – Raipur

සමස්ත කාලසටහන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<