ඇතුගල්පුරයෙන් පැමිණි විශිෂ්ටයා දකුණු ලකෙන් සමුදෙයි

544

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන හිටපු ටෙස්ට් නායකයෙක් වන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ගාලු ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නිල වශයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ දීවත් වෙනසක් කරයි ද?

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයගන්නට …

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයන් අතර ඔහු දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහු කඩුලු 430ක් දවා ගැනීමට සමත්ව තිබේ. වමත් දඟපන්දු යවන්නෙක් ලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ක්‍රීඩකයා වන්නේ ද හේරත්ය.

1999 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් රංගන හේරත් මේ වන විට වසර 18කට වඩා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර පසුගිය ජුනි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව ඔහු වැඩිම කලක් ශ්‍රී ලංකාව නියෝජනය කළ ටෙස්ට් ක්‍රීඩකයා බවට පත්වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග වසර 18යි දින 175ක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිටුවා තිබූ වාර්තාව බිඳ දමමිනි.

“රංගන හේරත් අපෙන් කළ ඉල්ලීමට අපි සහය දෙනවා, ඒ වගේම ගරු කරනවා. ඔහුගේ නික්ම යාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලොකු පාඩුවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔහු ලබා දුන් මෙතෙක් කාලයක් සහයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන.” යැයි ශ්‍රී ල කා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැලකෙන දකුණතින් දඟපන්දු යවන මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයග්‍රහණ ලබා දීමේ මූලිකයා බවට පත්වූයේ රංගන හේරත්ය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ටෙස්ට් තරගාවලි බහුතරයක ඔහු තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා  යන සම්මාන දිනා ගැනීම ඒ බවට සනාථ කිරීමට ඇති හොඳම සාක්ෂියක්.

හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ හොඳම වමත් දඟපන්දු යවන්නා වන අතර ඔහු  මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 90කට සහභාගී වෙමින් කඩුලු 418ක් දවාගෙන ඇත්තේ ලොව වැඩිම කඩුලු දවා ගත් වමත් දඟපන්දු යවන්නාගේ වාර්තාව ඔහුගේ නමට ඉදිරියෙන් සටහන් කරගනිමිනි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 6 වැනිදා සිට 11 වැනිදා දක්වා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. එහි තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<