ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (30) දින දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා.
වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ අගනා පන්දු යැවීම නිසාවෙන් (6/28) පානදුර කණ්ඩායම පරදවා කඩුලු 7ක පහසු ජයක් ලැබීමට රාගම ක්‍රීඩකයන්ට හැකි වුනා.
දිනයේ උණුසුම්ම තරගය වූ Moors සහ SSC කණ්ඩායම් අතර තරගය තියුණු සටනකින් පසු ලකුණු 5කින් ජයග්‍රහණය කිරීමට Moors ක්‍රීඩකයන් සමත් වුනා.
Moors නායක මහේල උඩවත්ත (116) සහ මොහොමඩ් ශමාස් (111) මෙවර තරගාවලියේ සිය මුල්ම ශතකයන් රැස් කිරීමට සමත් වූ අතර SSC ක්‍රීඩක සම්මු අශාන් ලකුණු 102 රැස්කර ගනිමින් තරගාවලියේ දෙවන ශතකය වාර්තා කිරීමට සමත් වුනා.
ගිහාන් රූපසිංහගේ අගනා ශතකය නිසාවෙන් (117*) Ace Capital ක්‍රීඩකයන්ට තරගාවලියේ තවත් පරාජයක් ගෙන දෙමින් තරගය කඩුලු 6කින් ජයගැනීමට Kaluthara Town Club ක්‍රීඩකයන්ට හැකි වුනා.
එමෙන්ම අඩු ලකුණක් සඳහා පැවති තියුණු තරගයකින් පසුව Negombo ක්‍රීඩකයන් ලකුණු 1කින් පරාජය කිරීමට ප්‍රබල NCC ක්‍රීඩකයන් සමත් වුනා. යුගීෂ දිල්ෂාන් කඩුලු 4ක් සහ අශේන් ඩැනියල් කඩුලු 2ක් දවා ගත්තා.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- සඳුන් වීරක්කොඩිගේ සටන්කාමී ඉනිම බදුරලියට ජය ගෙනෙයි
- තිසර පෙරේරාගේ වේගවත් ඉනිමට වර්ෂාව හරස් වෙයි
- එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නාට සැත්කමක්
ප්‍රියමාල් පෙරේරාගේ අගනා ශතකයත් (116) අකිල ධනංජයගේ සුපිරි පන්දු යැවීමත් නිසාවෙන් පොලිස් කණ්ඩායම පරදවා ලකුණු 197ක දැවන්ත ජයක් ලැබීමට Colts ක්‍රීඩකයන්ට හැකි වුනා.
දිනයේ කෙටි ලකුණු සටහන,
Group – A
- Venue – Air Force Ground, Katunayake
- Toss – Bloomfield C & AC
Bloomfield C & AC – 205/8 (50): සචින් ජයවර්ධන 85, දේශාන් ප්‍රනාන්දු 35*, ඉයන් ඩැනියල් 30, නිපුන් හග්ගල්ල 24*, අනුක් ද අල්විස් 2/23, ලසන්ද රුක්මාල් 2/51.
Air Force SC – 171 (43.1): අසන්ත සිංගපුලි 69, මොවීන් සුබසිංහ 42, ගයාන් සිරිසෝම 3/15, දිලීප ජයලත් 3/40, දේශාන් ප්‍රනාන්දු 2/24.
Bloomfield කණ්ඩායමට ලකුණු 34ක ජයක් හිමිවිය.
Group – B
- Venue – Surrey Village Ground, Maggona
- Toss – Galle CC
Lankan Cricket Club – 192 (49.3): රිසිත් උපමාල් 41, දමිත සිල්වා 40, කේශාන් විජයරත්න 25, සවන් කංකාණගමගේ 24, චතුර ලක්ෂාන් 3/24, චලන ද සිල්වා 2/34, එරංග රත්නායක 2/41.
Galle Cricket Club – 193/6 (44.4): රාජු ගයාශාන් 52, ඉමේෂ් උදයංග 38, ඩිල්ෂාන් කාංචන 34*, චතුර ලක්ෂාන් 25*, දමිත සිල්වා 2/35.
Galle කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමිවිය.
Group – C
- Venue – Arons Cricket Club Ground, Bulathsinhala
- Toss – Ace Capital
Ace Capital CC – 214/5 (50): ඉෂාන් රංගන 68*, අදීශ නානයක්කාර 38, ශශාරික පුස්ගොල්ල 35, ඉරෝෂ් සමරසූරිය 24, යොහාන් ද සිල්වා 22, ආර්. පුංචිහේවා 2/51.
Kaluthara Town Club – 215/4 (43.2): ගිහාන් රූපසිංහ 117*, ළහිරු රත්නායක 34, ගීෂාන් විමලධර්ම 31, ඉසංක සිරිවර්ධන 23*.
Kaluthara Town කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිවිය.
Group – D
- Venue – De Soysa International Cricket Stadium
- Toss – Saracens SC
Saracens Sports Club – 276/5 (50): හශාන් දුමින්ද 73, ප්‍රමෝද් මධුවන්ත 60, චරිත කුමාරසිංහ 51, සංජය චතුරංග 30*, හශේන් රාමනායක 23*, මතීෂ පෙරේරා 2/51, චරිත රාජපක්ෂ 2/55.
Sebastianites C & AC – 178/9 (50): Manelker De Silva 58*, හසන්ත ප්‍රනාන්දු 37, සුචිර පරන්තල 26, අකාෂ් සෙනරත්න 2/20, අයන සිරිවර්ධන 2/32, චමින්ද බණ්ඩාර 2/33.
Saracens SC කණ්ඩායමට ලකුණු 98ක ජයක් හිමිවිය.
Group – A
- Venue – BRC Ground, Colombo
- Toss – CCC
Burgher Recreation Club – 119 (30.5): ළහිරු සමරකෝන් 50, මලින්ද පුෂ්පකුමාර 3/21. ළහිරු ගමගේ 2/12, වනිදු හසරංග 2/34.
Colombo Cricket Club – 122/4 (17.3): රොන් චන්ද්‍රගුප්ත 44, මිනෝද් බානුක 33, අශාන් ප්‍රියන්ජන් 32.
CCC කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමිවිය.
Group – B
- Venue – Bloomfield Ground, Colombo
- Toss – Panadura SC
Panadura Sports Club – 208 (38.4): කෝෂාන් ධනුෂ්ක 67, චරිත් ජයම්පති 53, නිමේෂ් විමුක්ති 24, බිනුර ප්‍රනාන්දු 6/38, ජානක සම්පත් 2/26.
Ragama Cricket Club – 211/3 (37.5): නිශාන් මධුශංක 82, සමින්ද ප්‍රනාන්දු 43, ජනිත ලියනගේ 35*, මනීෂ රූපසිංහ 22, ඉවන්ක සංජුල 2/53.
රාගම කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමිවිය.
Group – C
- Venue – Marians Cricket Ground, Katunayake
- Toss – NCC
Nondescripts Cricket Club – 177 (48.3): චතුරංග ද සිල්වා 54, චාමික කරුණාරත්න 48*, යුගීෂ ඩිල්ෂාන් 21, නිශාන් පීරිස් 3/22, මාධව වර්ණපුර 2/32, නිසල තාරක 2/33, ඩිල්ෂාන් මුණවීර 2/37.
Negombo Cricket Club – 163 (47.1): අශේන් සිල්වා 54, ළහිරු මිලන්ත 23, මාධව වර්ණපුර 20, යුගීෂ ඩිල්ෂාන් 4/25, අශේන් ඩැනියල් 2/24.
NCC කණ්ඩායමට ලකුණු 14ක ජයක් හිමිවිය.
Group – D
- Venue –SSC Ground, Colombo
- Toss – Moors SC
Moors Sports Club – 295/7 (50): මහේල උඩවත්ත 116, මොහොමඩ් ශමාස් 111, කළණ පෙරේරා 4/49, ප්‍රබාත් ජයසූරිය 2/66.
Sinhalese Sports Club – 290/9 (50): සම්මු අශාන් 102, ක්‍රිශාන් සංජුල 77, අවිශ්ක ප්‍රනාන්දු 42, චරිත් අසලංක 38, ප්‍රවීන් ජයවික්‍රම 3/65, අදීෂ තිලන්චන 2/36, ඩිලේෂ් ගුණරත්න 2/75.
Moors කණ්ඩායමට ලකුණු 5ක ජයක් හිමිවිය.
Group – A
- Venue –Army Ground, Panagoda
- Toss – KYCC
Kandy Customs Sports Club – 116 (33.2): සජිත් ද සිල්වා 28, ඩිලාසිරි ලොකුබණ්ඩාර 23, හසිත නිර්මාල් 20, මහීෂ් තීක්ෂණ 3/16, දුෂාන් විමුක්ති 3/23, සීකුගේ ප්‍රසන්න 3/41.
Air Force Sports Club – 117/3 (21.5): හිමාෂ ලියනගේ 52*, සමිත ඩිල්ෂාන් 30, සම්පත් පෙරේරා 2/35.
ගුවන් හමුදා කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමිවිය.
Group – B
- Venue – Navy Ground, Welisara
- Toss – Chilaw Marians CC
Chilaw Marians CC – 240/8 (50): කමිඳු මෙන්ඩිස් 67, රවීන් යසස් 38*, කසුන් විදුර 38, රුමේෂ් බුද්ධික 30, ලසිත් කෲස්පුල්ලේ 29, බුද්ධික මධුශාන් 4/39, චානක රුවන්සිරි 3/44.
Navy Sports Club – 241/7 (49.2): චානක රුවන්සිරි 51, චමෝද් සඳරු 42, තරූෂාන් ඉද්දමල්ගොඩ 33*, බුද්ධික මධුෂාන් 32, ලසිත් කෲස්පුල්ලේ 2/24, අවිදු තීක්ෂණ 43/2.
නාවික හමුදා කණ්ඩායමට කඩුලු 3ක ජයක් හිමිවිය.
Group – C
- Venue – P Sara Oval, Colombo
- Toss – Nugegoda S & WC
Nugegoda S & WC – 209/7 (50): ළහිරු ජයකොඩි 65, මුදිත ලක්ෂාන් 45, මාලිංග මාගස්පේ 30, ප්‍රමුද් හෙට්ටිවත්ත 20, ශිරාන් ප්‍රනාන්දු 3/41, ඉසුරු උදාන 2/16.
Tamil Union C & AC – 210/3 (36.4): සදීර සමරවික්‍රම 92*, මනෝජ් සරත්චන්ද්‍ර 50, රන්මිත් ජයසේන 28*, සුපුන් කාවින්ද 25, නිපුන් ලක්ෂාන් 2/55.
Tamil Union කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමිවිය.
Group – D
- Venue – Colts Ground, Colombo
- Toss – Colts CC
Colombo Colts CC – 313/7 (50): ප්‍රියමාල් පෙරේරා 101, විෂාද් රංදික 69, සංගීත් කුරේ 40, කිත්රුවන් විතානගේ 37, ධනංජය ලක්ෂාන් 26, සුජාන් මයුර 3/35, මලිත් ද සිල්වා 2/57.
Police Sports Club – 116 (26.1): අකිල ධනංජය 4/22, සංතුෂ් ගුණතිලක 3/28, ධනංජය ලක්ෂාන් 2/22.
Colts කණ්ඩායමට ලකුණු 197ක ජයක් හිමිවිය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<