ඉන්දීය ක්‍රිකට් මහා සභා රැස්වීමට දින තීන්දුයි

152

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීම එළඹෙන ඔක්තෝබර් 18 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ පණිවිඩයක් ලේකම් Jay Shah විසින් සාමාජිකයින්ට දන්වා ඇති බව Cricbuzz වාර්තා කරනවා.

මෙවර මහා සභා රැස්වීමේ දී විශේෂයෙන්ම කාන්තා IPL තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

කාන්තා IPL තරගාවලිය පිළිබඳව වසරක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් තිබුණු අතර එළඹෙන වසරේ දී එම තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

තරගාවලියේ පළමු අදියර එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් එක්වීමට සූදානම් අතර විකාශන හා කණ්ඩායම් අලෙවි කිරීම හා ඒ සම්බන්ධ කරුණු වාර්ෂික මහා සභා රැස්වීමේ දී සාකච්ඡා කෙරෙනු ඇත.

මහා සභා රැස්වීමේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, උප සභාපති, ලේකම්, සම ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු සඳහා සාමාජිකයින් තෝරා ගැනීමට නියමිතයි.

බොහෝ දුරට එම ධූරවල දැනට කටයුතු කරන සාමාජිකයින්ම නැවත පත්වීමට ඉඩකඩ තිබෙන බව Cricbuzz වාර්තා කරනවා.

කෙසේ වෙතත් ජාතික තේරීම් කමිටුවේ පස්වැනි සාමාජිකයා තේරීම පිළිබඳව මෙවර මහා සභා රැස්වීමේ දී සාකච්ඡා වන බවක් පෙනෙන්නට නැහැ. Abey Kuruvilla පසුගිය දෙසැම්බරයේ එම ධුරය හැර ගිය පසුව මේ දක්වා එම ධුරයට කිසිවෙකු පත් කර නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<