“ක්‍රිකට් මේ වගේ කෲරයි” – මොහොමඩ් හෆීස්

11766

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන පාකිස්තාන සංචිතය එළිදැක්වීමට පෙර ප්‍රේක්ෂකයන් අතර ෂොයිබ් මලික් පිළිබඳ කතාබහක් ඇතිව තිබිණි.

ඒ ඔහුව සංචිතයට ඇතුළත් කරනු ඇත්දැයි යන සැකය මූලිකවයි. නමුත් මේ වන විට පාකිස්තාන සංචිතය එළිදක්වා ඇති අතර ෂොයිබ් මලික්ගේ නම ඊට ඇතුළත් වී නැත.

පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තානය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම නිසා පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ මැද පෙළේ ඇති අඩුපාඩු කැපී පෙනුණි. එබැවින් ෂොයිබ්ගේ අත්දැකීම් පාකිස්තාන සංචිතයට වැදගත් විය හැකිව තිබූ බව බහුතර ප්‍රේක්ෂකයින් විසින් පවසන ලදි.

ඊට එක්වූ අලුත්ම සාමාජිකයා වන්නේ හිටපු පාකිස්තාන නායක මොහොමඩ් හෆීස් ය. ඔහු පවසන අන්දමට ෂොයිබ් මලික් මින් පෙර ක්‍රීඩාවෙන් සමුගත යුතුව තිබුණි.

මලික් අවුරුදු 20ක් 22ක් විතර එයාගේ හැමදේම පාකිස්තාන ක්‍රිකට් වලට දුන්නා. එච්චර දිග කාලයක් ශාරීරික යෝග්‍යතාවය ඒ මට්ටමේ පවත්වාගෙන යනවා කියන්නේ අතිශයින්ම කැපී පෙනෙන දෙයක්.” හෆීස් විසින් එසේ පවසා තිබුණි.

ෂොයිබ් මලික් යනු තමන් ක්‍රීඩා කළ සෑම කාලයකදීම සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවකින් හෙබි ක්‍රීඩකයෙකි. දක්ෂ පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පිට දඟපන්දු යවන්නෙකි.

මම විශ්‍රාම ගනිද්දී මම මලික්ටත් කිව්වා විශ්‍රාම ගන්න කියලා. මොකද මගේ කතාව සාක්ෂියක් හැටියට තියාගත්තොත් මම දැනගෙන හිටියා ඔහුටත් ගෞරවයක් නොලැබේවි කියලා. මට තේරෙන විදියට ඔහුට තව එක ඉනිමක් ක්‍රීඩා කරන්නයි අවශ්‍ය වුනේ. ඒත් ක්‍රිකට් මේ වගේ කෲරයි.” ඔහු කීවේය.

අවාසනාවකට වගේ එයා එක්දින ක්‍රිකට් වලින් සමුගැනීම ප්‍රකාශයට පත් කරලා තිබුනත් එයාට අවසන් තරගයක් ලැබුණේ නෑ. එයාගේ සේවය සලකලාවත් එයාට ඒක දිය යුතුව තිබුණා. හැමවිටම සමුගැනීම් ලබා දීමේ දී අපේ පරිපාලනයට අඩුපාඩු තියෙනවා.”

ෂොයිබ් මලික් CPL තරගාවලියේ දීත්, පසුගිය LPL තරගාවලියේ දීත් දස්කම් අතර සිටි පිතිකරුවෙකි.

“එයා ලෝක කුසලාන තරගාවලියට ගිහින් තිබුනා නම්, කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලැබෙන්න තිබුණා, එයාට කට් එකයි පුල් එකයි ගහන්න බෑ කියලා කියන්න එපා. අමතක කරන්න එපා, එයා අවුරුදු 22ක් ක්‍රිකට් ක්‍රීඩා කරද්දී එයා ඒ පාරවල් ගැහුවේ නැද්ද? අප තේරුම් ගත යුතුයි, අපට ජයග්‍රාහී සම්බන්ධතා හදන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩකයන් අවශ්‍යයි. ඔහුට 20ක් වුනත් 40ක් වුනත්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<