කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි

කාන්තා ආසියානු කුසලානය 2022

236

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත, “කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් කුසලානය” සඳහා සහභාගී කර වීමට තෝරාගෙන තිබෙනවා.

සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් හොඹවන අතර ඇය සමඟින් හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා ඩිල්හාරි පිතිකාරණියන් ලෙස සංචිතය බලගන්වනු ලබනවා.

අත්දැකීම්වලින් සන්නද්ධ වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය සවිබල ගන්වනු ඇත.

2022 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 1 වැනිදා සිට 15 වැනිදා දක්වා  බංග්ලාදේශයේ Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සත්කාරක බංග්ලාදේශයට අමතරව ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරගාවලිය සඳහා සහභාගී වන සෙසු රටවල් වනවා.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය: චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී (WK), කෞෂිනි නුත්‍යංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<