Home Sinhala තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය පාකිස්තානයට

තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය පාකිස්තානයට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

643

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර අද (26) පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක් ජයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

කරච්චි නුවර පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර කණ්ඩායම් ද්විත්වයේම කිසිදු වෙනසක් සිදු කර තිබුණේ නැහැ.

  • පාකිස්තාන කාන්තා කණ්ඩායම: Muneeba Ali (wk), Gull Feroza, Iram Javed, Bismah Maroof (c), Nida Dar, Aliya Riaz, Ayesha Naseem, Fatima Sana, Tuba Hassan, Aiman Anwer, Anam Amin
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: චමරි අතපත්තු (c), හසිනි පෙරේරා, හර්ෂිතා පෙරේරා, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී (wk), කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය.

ශ්‍රී ලංකා නායිකාවට සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් Anam Amin ඇයව ලකුණු 5කට පිටියෙන් ඉවත් කළ අතර ලකුණු 08ක් ලබා සිටි ඕෂධී රණසිංහ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු දෙකක් දැවී ලකුණු 28ක් ලෙසයි.

ඉනිම පුරාවට මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ හසිනි පෙරේරා පන්දු 51ක් තුළ ලකුණු 35ක් ලබා සිටිය දී දවා ගැනීමට Tuba Hassanට හැකි වුනා.

නිලක්ෂි ද සිල්වා ලකුණු 21ක් සහ හර්ෂිතා මාධවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත්වූවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වුනේ ලකුණු 102ක් පමණයි.

ලකුණු 103ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කාන්තා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Gull Feroza ලකුණු 3කට දවා ගැනීමට අචිනි කුලසූරියට හැකි වුනේ තරගයට අවශ්‍ය ආරම්භය ලබා දෙමිනුයි.

පාකිස්තාන මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 32ක් වන විට ලකුණු 17ක් ලබා සිටි Muneeba Ali දවා ගැනීමට ඉනෝකා රණවීරට හැකි වුනේ ඕෂධී රණසිංහ ලබා ගත් උඩපන්දුව නිසයි.

එම කඩුල්ල දවා ගැනීමෙන් ටික වේලාවකට පසුව නැවතත් ක්‍රියාත්මක වූ ඉනෝකා විසින් Iram Javed ලකුණු 11කට දවා ගැනීමට සමත් වුනේ තරගය පිළිබඳව තරමක බලාපොරොත්තු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ගෙන එමිනුයි.

කෙසේ නමුත් ඉන්පසු පිටියෙහි එක්වූ Bismah Maroof සහ Ayesha Naseem සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 70ක නොබිදුණු සම්බන්ධතාවක් පිහිටුවමින් පන්දුවාර 17.1ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළා.

ඒ සමඟින් තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය කිරීමට පාකිස්තානයට හැකි වුනා.


Result


Sri Lanka Women
102/6 (20)

Pakistan Women
104/3 (17.1)

Batsmen R B 4s 6s SR
Hasini Perera c Fatima Sana b Tuba Hassan 35 51 3 0 68.63
Chamari Athapaththu c Aliya Riaz b Anam Amin 5 6 1 0 83.33
Oshadi Ranasinghe c Anam Amin b Nida Dar 8 11 0 0 72.73
Nilakshi de Silva c Bismah Maroof b Aiman Anwer 21 29 0 0 72.41
Harshitha Madavi c Iram Javed b Fatima Sana 16 15 2 0 106.67
Ama Kanchana run out (Nida Dar) 5 2 1 0 250.00
Kavisha Dilhari not out 4 4 0 0 100.00
Anushka Sanjeewani not out 1 1 0 0 100.00


Extras 7 (b 2 , lb 2 , nb 0, w 3, pen 0)
Total 102/6 (20 Overs, RR: 5.1)
Bowling O M R W Econ
Anam Amin 4 0 16 1 4.00
Fatima Sana 4 1 21 1 5.25
Nida Dar 4 0 20 1 5.00
Aiman Anwer 4 0 28 1 7.00
Tuba Hassan 4 0 13 1 3.25


Batsmen R B 4s 6s SR
Muneeba Ali c Oshadi Ranasinghe b Inoka Ranaweera 17 23 2 0 73.91
Gull Feroza c Nilakshi de Silva b Achini Kulasuriya 3 4 0 0 75.00
Iram Javed c Harshitha Madavi b Oshadi Ranasinghe 11 16 1 0 68.75
Bismah Maroof not out 22 29 1 0 75.86
Ayesha Nasem not out 45 31 5 1 145.16


Extras 6 (b 3 , lb 0 , nb 0, w 3, pen 0)
Total 104/3 (17.1 Overs, RR: 6.06)
Bowling O M R W Econ
Sugandika Kumari 4 0 19 0 4.75
Achini Kulasuriya 2 0 11 1 5.50
Oshadi Ranasinghe 3.1 0 16 1 5.16
Inoka Ranaweera 4 0 23 1 5.75
Kavisha Dilhari 3 0 20 0 6.67
Ama Kanchana 1 0 12 0 12.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<