භානුකගේ පිත්ත නැවතත් ක්‍රියාත්මක වන ලකුණු!

PSL 2023

2432

Pakistan Super League තරගාවලියේ දෙවැනි Eliminator තරගය ඊයේ (17) පැවැත්වුණු අතර එම තරගයෙන් Peshawar Zalmi කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් අද (18) පැවැත්වීමට නියමිත PSL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Lahore Qalandars කණ්ඩායම සමත් වුනා.

පසුගිය බදාදා (15) Multan Sultan සහ Lahore Qalandars කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් පරාජය උරුම කර ගත් Qalandars කණ්ඩායමට අවසන් මහා තරගයට ප්‍රවිෂ්ට වීමට ලද දෙවැනි අවස්ථාව මෙය වූ අතර, ඔවුන් මෙවර ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත් වුනා.

ඊයේ තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ Peshawar Zalmi මීට පෙර පැවැත්වුණු Eliminator 1 තරගයට සහභාගී කර ගත් James Neesham වෙනුවට භානුක රාජපක්ෂව නැවතත් සිය කණ්ඩායමට එකතු කර ගෙන තිබුණා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීමට Peshawar Zalmi ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර තරගාවලිය පුරා සාර්ථක වූ Zalmi නායක Babar Azam සහ පාකිස්තානය විසින් සොයා ගත් නවක ප්‍රවේගකාරී පිතිකරු Mohommad Haris දෙපළ විසින් Zalmi ඉනිමට සාර්ථක අඩිතාලමක් දැමීමට සමත් වුනා.

මෙහි දී Babar විසින් ලකුණු 42ක් වාර්තා කළ අතර, Haris විසින් තවත් විස්සයි විස්ස අර්ධ ශතකයක් සිය මල්ලට එක් කර ගනිමින් පන්දු 54කින් ලකුණු 85ක් රැස් කිරීමට සමත් වුනා. නමුත් ඔවුන් දෙදෙනාගේ දැවී යාම් වලින් අනතුරුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකු හෝ Zalmi ඉනිමට විශාල දායකත්වයක් ලබා නොදුන් අතර, නැවතත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් භානුක රාජපක්ෂ ඉනිමේ තෙවැනියට වැඩිම ලකුණු ලාභියා වෙමින් නොදැවී ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ වෙනුවෙන් භානුකට වැය වී තිබුණේ පන්දු 18ක් පමණක් වන අතර ඔහුගේ ඉනිමට හතරේ පහර හතරක් ඇතුළත් වී තිබුණා.

ඒ අනුව කාලයක පටන් දිගින් දිගටම පිතිකරණයෙන් අසාර්ථක වෙමින් සිටි භානුක නැවතත් කෙමෙන් ලකුණු අතරට පැමිණෙන සුබ ලකුණු පෙන්වන බවත් අනුමාන කළ හැකි. (මීට පෙර සහභාගී වූ තරගයේ දී ද ඔහු ලකුණු අතරට පැමිණීමට සමත් වුනා.)

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 171ක් ලබා ගැනීමට Peshawar Zalmi කණ්ඩායම සමත් වුනා.

මෙහි දී Lahore Qalandars වෙනුවෙන් Zaman Khan සහ Rashid Khan විසින් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Lahore Qalandars කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ Mirza Baig විසින් ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර ඔහු පන්දු 42කින් ලකුණු 54ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමෙන් පසුව පිටියට පිවිසි සියලුම පිතිකරුවන් ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යා වාර්තා කරමින් Qalandars ඉනිම ශක්තිමත් කළ අතර අවසාන මොහොතේ පිටියට පිවිසි Qalandars නායක Shaheen Afridi විසින් පන්දු 4කින් ලකුණු 12ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ අනුව පන්දුවාර 18 පන්දු 5ක් පමණක් වැය කරමින් කඩුලු 6කට ලකුණු 176ක් රැස් කිරීමට සමත් වූ Lahore Qalandars අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට සමත් වුනා.

Qalandars ජයග්‍රහණය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගත් Mirza Baig තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

  • Peshawar Zalmi 171/5 (20) – Babar Azam 42, Mohommad Haris 85, භානුක රාජපක්ෂ 25, Zaman Khan 2/20
  • Lahore Qalandars 176/6 (18.5) – Mirza Baig 54, Sam Billings 28, Azmatullah Omarzai 2/31

මේ අතර මීට පෙර PSL තරගාවලියේ අවසන් මහා තරගය හෙට (19) දිනයේ පැවැත්වීමට සැලසුම් සකස් කර තිබූ නමුත් පසුව එය අද දිනයට ගෙන ආවා. ඒ අනුව Pakistan Super League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද Multan Sultan සහ Lahore Qalandars අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය පිළිබවඳවත් සියලුම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<