නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිත නම් කෙරේ

Sri Lanka Tour of New Zealand 2023

3976

නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිත ද්විත්වයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අද (17) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආබාධයක් නිසා කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවතට වී සිටීමට සිදු වූ දුශ්මන්ත චමීර තවමත් සිය ආබාධයෙන් සුවය ලබමින් සිටින බැවින් නම් කළ සංචිත දෙකටම ඇතුළත් කර නොමැති අතර, උරහිසේ සිදු කළ සැත්කමක් නිසා බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට මග හැරුණු කුසල් ජනිත් පෙරේරාව නැවතත් නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම මෙම වසර අග භාගයේ ඉන්දියාවේ දී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට තවමත් මාන බලමින් සිටින ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය තවත් ශක්තිමත් කරමින් ඇන්ජලෝ මැතිව්ස් නැවතත් නවසීලන්තය සමඟ එක්දින තරගාවලිය සඳහා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය මාර්තු 25, 28 සහ 31 දිනවල දී පැවැත්වීමට නියමිත අතර, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අප්‍රේල් 2, 5 සහ 8 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

එක්දින සංචිතය; දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් ( උප නායක ) , පැතුම් නිස්සංක, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, සදීර සමරවික්‍රම , ධනංජය ද සිල්වා, සහන් ආරච්ච්ගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීශ් තීක්ශණ , කසුන් රාජිත, ලහිරු කුමාර, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක , චාමික කරුණාරත්න , මතීෂ පතිරණ

විස්සයි විස්ස සංචිතය; දසුන් ශානක (නායක) , වනිඳු හසරංග (උප නායක), පැතුම් නිස්සංක , කුසල් මෙන්ඩිස් , ධනංජය ද සිල්වා, චරිත් අසලංක , කුසල් ජනිත් පෙරේරා , ලසිත් කෲස්පුල්ලේ, සදීර සමරවික්‍රම , නුවනිඳු ප්‍රනාන්දු , මහීශ් තීක්ශණ , දුනිත් වෙල්ලාලගේ , කසුන් රාජිත, ලහිරු කුමාර , ඩිල්ශාන් මදුශංක , චාමික කරුණාරත්න , මතීෂ පතිරණ , ප්‍රමෝද් මදුශාන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය පිළිබඳ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<