ශ්‍රී ලංකාව හිස් අතින් ගෙදර එයි

52
Asian Table Tennis Championships

කසකස්තානයේ පැවැත්වෙන 27 වැනි ආසියානු කුසලාන මේස පන්දු ශූරතාවලිය අද (13) අවසන් වීමට නියමිත ව තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිස් අතින් ගෙදර පැමිණීමට සිදු වෙනවා. ඔවුන් මෙම තරගාවලියේ ලත් ඉහළ ම ජයග්‍රහණය වන්නේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ දී ලත් 17 වැනි ස්ථානයත් සහ පිරිමි කණ්ඩායම් ඉසව්වේ දී ලත් 18 වැනි ස්ථානයයි.  

මෙම තරගාවලිය සඳහා චමීර ගිනිගේ ගේ නායකත්වයෙන් යුතුව ඉමන්ත උදන්ජය, චනුල් දුල්සෙන් සහ ජනිත් බටුගෙදර ගේ සහභාගීත්වයෙන් යුතු පිරිමි කණ්ඩායමක් ද ලෙසන්‍යා සෙතුම්දි ගේ නායකත්වයෙන් යුතුව මනීශා ශලින්දි, ශමල්ෂා දෙව්මි පෙරේරා සහ මිකයිල් ප්‍රනාන්දු ගේ සහභාගීත්වයෙන් යුතු පිරිමි කණ්ඩායමක් ද සහභාගී වූවා.  

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී අවසන් තරගවල විස්තර 

කාන්තා ඒකල 

ශමල්ෂා දෙව්මි පෙරේරා, තායිපේ Wang Yi-Juට එරෙහි ව තරග වට 3-0කින් ජයග්‍රහණය කරනවා.   

  • ලකුණු සටහන – 11-4, 11-9, 11-2

ශමල්ෂා දෙව්මි පෙරේරා, පාකිස්තානයේ Fawad Hoorට එරෙහි ව තරග වට 3-0කින් ජයග්‍රහණය කරනවා.   

  • ලකුණු සටහන – 11-5, 12-10, 12-10

ලෙසන්‍යා සෙතුම්දි, පාකිස්තානයේ Fawad Hoor එරෙහි ව තරග වට 3-0කින් ජයග්‍රහණය කරනවා.    

  • ලකුණු සටහන –  16-14, 11-5, 12-10

මනීශා ශලින්දි, තායිලන්තයේ Vijitviriyagul Kulapasser වෙතින් තරග වට 3-1ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන –  7-11, 8-11, 11-3, 6-11

ලෙසන්‍යා සෙතුම්දි, ඉරානයේ Shahsavari Neda වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා 

  • ලකුණු සටහන – 8-11, 10-12, 9-11

මිකයිලා ප්‍රනාන්දු, සිංගප්පූරුවේ Ser Lin Qian වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා 

  • ලකුණු සටහන – 7-11, 1-11, 1-11

මිකයිලා ප්‍රනාන්දු, පාකිස්තානයේ Khan Kalsoom වෙතින් තරග වට 3-1ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 8-11, 11-4, 2-11

පිරිමි ඒකල  

ඉමන්ත උදන්ජය, උස්බකිස්තානයේ Iskandarov Shokhrukh ට එරෙහි ව තරග වට 3-2කින් ජයග්‍රහණය කරනවා.   

  • ලකුණු සටහන – 11-9, 9-11, 11-7, 10-11, 11-9

චමිර ගිනිගේ, උස්බකිස්තානයේ Dilshodoy Diyorbek වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 9-11, 6-11, 7-11

චනුල් දුල්සෙන්, උස්බකිස්තානයේ Nurmonov Temurbek වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 12-14, 6-11, 6-11

චමීර ගිනිගේ, උස්බකිස්තානයේ Iskandarov Shokhrukh වෙතින් තරග වට 3-1ක පරාජයක් ලබනවා. 

  • ලකුණු සටහන – 7-11, 11-8, 8-11, 8-11

චනුල් දුල්සෙන් උස්බකිස්තානයේ Nurmonov Temurbek වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා. 

  • ලකුණු සටහන – 12-14, 6-11, 6-11

ඉමන්ත උදන්ජය, ජපානයේ Matsudaira Kenji වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා. 

  • ලකුණු සටහන – 7-11, 6-11, 7-11

චමීර ගිනිගේ, කසකස්තානයේ Alqassab Mohammed වෙතින් තරග වට 3-1ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 11-2, 4-11, 10-12, 7-11

චනුල් දුල්සෙන්, ඉරානයේ Alamiyan Noshad වෙතින් තරග වට 3-1ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 5-11, 11-9, 8-11, 5-11

ජනිත් බටුගෙදර, තායිපේ ක්‍රීඩක Feng Yi-Hsin වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 1-11, 2-11, 5-11

කාන්තා යුගල ඉසව් 

ශමල්ෂා දෙව්මි පෙරේරා සහ මිකයිලා ප්‍රනාන්දු, කසකස්තාන ක්‍රීඩිකාවන් තරග වට 3-2කින් පරාජයට පත් කරනවා.  

  • ලකුණු සටහන – 11-7, 11-7, 8-11, 8-11, 13-11

ලෙසන්‍යා සෙතුම්දි සහ මනීශා ශලින්දි උස්බකිස්තාන ක්‍රීඩිකාවන් වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 7-11, 3-11, 8-11

ශමල්සා දෙවිමි පෙරේරා සහ මිකයිලා ප්‍රනාන්දු, තායිපේ ක්‍රීඩකාවන් වෙතින් තරග වට 3-1ක පරාජයක් ලබනවා. 

  • ලකුණු සටහන – 2-11, 3-11, 11-8, 3-11

පිරිමි යුගල ඉසව්ව 

චමීර ගිනිගේ සහ ඉමන්ත උදන්ජය, තායිලන්ත ක්‍රීඩකයන් වෙතින් තරග වට 3-2ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 9-11, 11-9, 11-7, 7-11, 1-11

මිශ්‍ර යුගල ඉසව්ව 

චමීර ගිනිගේ සහ ලෙසන්‍යා සෙතුම්දි, පිලිපීන ක්‍රීඩකයන් වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 7-11, 9-11, 7-11

ඉමන්ත උදන්ජය සහ මනීශා ශලින්දි, ජපන් ක්‍රීඩකයන් වෙතින් තරග වට 3-0ක පරාජයක් ලබනවා.  

  • ලකුණු සටහන – 4-11, 6-11, 7-11

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<