බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා Nigar Sultanaගේ සුපිරි පිති ප්‍රහාරය නිසාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශයට හැකි වුනා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තා.
චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට උත්සහ කළත්, විශ්මි ලකුණු 11කට දැවී ගියා. අනතුරුව 4 පහර 3ක් සහ 6 පහර 2ක් සමඟ පන්දු 28ක දී ලකුණු 38ක් ලබාගෙන සිටි නායිකා අතපත්තුව දවා ගැනීමට Nahida Akther සමත් වීමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු සටහන ක්‍රමයෙන් මන්දගාමී වුනා.
Photo Album – Bangladesh Women tour of Sri Lanka 2023 – 1st T20I
කෙසේ වෙතත් දිගින් දිගටම ලකුණු අතරට පිවිසෙන හර්ශිතා සමරවික්‍රම පන්දු 44ක් තුල ලකුණු 45ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු සටහන ස්ථාවර මට්ටමක් දක්වා රැගෙන ඒමට අවශ්‍ය අඩිතාලම සකස් කළා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ කඩුලු අතර දිවීම ද ඉහළ මට්ටමක තිබුණු නිසා මේ ලකුණු 145 සීමාවට එන්නට හැකියාව ලැබුණා.
- වර්ෂාවේ කෙණෙහිලිකම් නිසා ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ දින සංශෝධනය කෙරේ
- චමරි – හර්ෂිතා පිත්තෙන් වැඩ පෙන්වද්දී ඕෂධීගෙන් වාර්තාගත පන්දු යැවීමක්!
- බංග්ලාදේශයට එරෙහිව වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය
- සත්කාරක ශ්‍රී ලංකාව සහ බංගලි කතුන්ගේ සංචාරය
- මෙරට පිතිකාරිණියන් අසරණ වූ පුහුණු තරගයේ ජය බංග්ලාදේශයට
පිළිතුරු ඉනිම දියත් කළ බංග්ලාදේශ කණ්ඩායම Powerplay අවස්ථාව තුල Shamima Sultana සහ Rubya Haiderගේ කඩුලු දවා ගනිමින් ඔවුන්ව යම් පීඩනයකට හසුකර ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි Nigar Sultana පන්දු 51ක් තුල ලකුණු 75*ක් නොදැවී වාර්තා කර ගනිමින් බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළා. එහි දී තුන්වැනි සහ සිව්වැනි කඩුලු වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයන් වාර්තා වීම ශ්‍රී ලංකාවට විශාල අවාසියක් වුනා.
අවසන් පන්දුවාර 3 තුල ලකුණු 35ක් ලබාගැනීමට බංග්ලාදේශයට නියමිතව තිබුණු අතර එහි දී Nigar Sultana සමඟ එක්වුණු Ritu Moni එම අභියෝගය සාර්ථකව ජය ගත්තා. එහි දී නායිකා අතපත්තු ක්‍රියාත්මක කළ 19 වැනි පන්දුවාරයට ලකුණු 17ක් ලබා ගැනීමට Sultana සහ Moni සමත් වීමත් සමඟම ඔවුන්ගේ ජයග්‍රහණය පහසු වුනා. අවසානයේ දී ඔවුන් තවත් පන්දුවක් ඉතිරිව තිබිය දී සිය ඉලක්කය පසුකර ගියා.
ශ්‍රී ලංකා පන්දු රැකීම එතරම්ම ප්‍රශස්ත මට්ටමක නොතිබුණු නිසාවෙන් කඩුලු දවා ගැනීමට තිබුණු අවස්ථා කිහිපයක්ම ශ්‍රී ලංකාවට මඟ හැරී යාම මේ තරග පරාජයට විශාල හේතු සාධකයක් වුනා. ඒ අනුව 2014 වර්ෂයට පසුව බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගයක් පරාජයට පත්වුනු පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා අතරට එකතු වුනේ ශ්‍රී ලංකාව නොකඩවා තරග 7ක් ජයගෙන තබා තිබූ ජයග්‍රාහී රිද්මය ද බිඳ දමමින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamari Athapaththu | c Sobhana Mostary b Nahida Akter | 38 | 28 | 2 | 3 | 135.71 |
Vishmi Gunaratne | c Rabeya Khan b Fariha Trisna | 11 | 8 | 2 | 0 | 137.50 |
Harshitha Samarawickrama | c Fariha Trisna b Sultana Khatun | 45 | 44 | 5 | 0 | 102.27 |
Nilakshi de Silva | not out | 29 | 28 | 1 | 0 | 103.57 |
Hasini Perera | b Fahima Khatun | 1 | 3 | 0 | 0 | 33.33 |
Kavisha Dilhari | c Nahida Akter b Fahima Khatun | 0 | 1 | 0 | 0 | 0.00 |
Anushka Sanjeewani | st Nigar Sultana b Rabeya Khan | 0 | 2 | 0 | 0 | 0.00 |
Oshadi Ranasinghe | -select- b | 8 | 8 | 1 | 0 | 100.00 |
Extras | 13 (b 2 , lb 0 , nb 2, w 9, pen 0) |
Total | 145/6 (20 Overs, RR: 7.25) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Fariha Trisna | 4 | 0 | 35 | 1 | 8.75 | |
Sultana Khatun | 4 | 0 | 30 | 1 | 7.50 | |
Nahida Akter | 4 | 0 | 35 | 1 | 8.75 | |
Rabeya Khan | 4 | 0 | 23 | 1 | 5.75 | |
Fahima Khatun | 4 | 0 | 20 | 2 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shamima Sultana | c Kavisha Dilhari b Kawya Kavindi | 5 | 6 | 0 | 0 | 83.33 |
Rubya Haider | c Hasini Perera b Udeshika Prabodhani | 9 | 16 | 1 | 0 | 56.25 |
Sobhana Mostary | st Anushka Sanjeewani b Oshadi Ranasinghe | 17 | 24 | 1 | 0 | 70.83 |
Nigar Sultana | not out | 75 | 51 | 7 | 2 | 147.06 |
Ritu Moni | run out (Anushka Sanjeewani) | 33 | 23 | 4 | 0 | 143.48 |
Murshida Khatun | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 0 , lb 3 , nb 1, w 3, pen 0) |
Total | 146/4 (19.5 Overs, RR: 7.36) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Udeshika Prabodhani | 3 | 0 | 7 | 1 | 2.33 | |
Kawya Kavindi | 2 | 0 | 14 | 1 | 7.00 | |
Oshadi Ranasinghe | 4 | 0 | 39 | 1 | 9.75 | |
Inoka Ranaweera | 3.5 | 0 | 29 | 0 | 8.29 | |
Kavisha Dilhari | 3 | 0 | 21 | 0 | 7.00 | |
Chamari Athapaththu | 4 | 0 | 33 | 0 | 8.25 |
දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 11 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වනු ඇත. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<