දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන ගමනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය

5th Edition of the Blind T20 World Cup

37

පාකිස්තානයේ පැවැත්වෙන පස් වැනි දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී තිබෙනවා. 

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෘශ්‍යාබාධිතයින් සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයට (SLCAVH) රුපියල් මිලියන 6ක මුදලක් ප්‍රදානය කර ඇති අතර, එමගින් තරගාවලියට සහභාගී වන කණ්ඩායමේ 21 දෙනාට අදාළ ගුවන් ටිකට්පත්, වීසා මෙන්ම ඔහුගේ පුහුණුවීම් කටයුතු සඳහා ද පිරිවැය දැරෙනු ඇති. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා විසින් SLCAVH සභාපති සුදේශ් තරංග මහතාට අදාළ චෙක් පත පසුගිය දා ප්‍රදානය කර තිබුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් දිගු කලක පටන් දෘශ්‍යාබාධිත ක්‍රිකට් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් තම උපරිම සහයෝගය ලබා දීමට සූදානමින් සිටීමත් විශේෂත්වයක්. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<