13න් පහළ ශූරතා උහන තිස්සපුර සහ සාන්ත සේවියර් විදුහල්වලට

240
DSI SuperSports 2017 U13 Boys and girls finals report

ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩාවේ මූලාරම්භක පුරුක් දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන තරග කාණ්ඩයක් වන, DSI සුපර්ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ, බාලක සහ බාලිකා ශූරතාවයන් ජයග්‍රහණය කරන්නට පිළිවෙළින් මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර උහන තිස්සපුර විද්‍යාලය අද (24) සමත් විය.

වයස් කාණ්ඩ 4කින් සමන්විත මෙම වොලිබෝල් තරගාවලියේ අවසන් දිනය වන අද දිනයේ සියලු තරග මහරගම තරුණසේවා සභා පරිශ්‍රයේ දී පැවැත්විය.

සන්ත සේවියර් ක්‍රීඩකයෝ 17න් පහළ ශූරතාවය මාරවිලට රැගෙන යති

හුංගම විජයබා ජාතික පාසල තරග වට 3/0ක් ලෙස පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කරන්නට සාන්ත සේවියර් …

13න් පහළ බාලිකා අංශය

අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් අනුරුද්ධ මහා විදුහල සහ ගල්ගමුව පලුගොල්ල යාය 10 මහා විද්‍යාලය පරාජය කරමින්, උහන තිස්සපුර විද්‍යාලයත්, ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලෝක ජාතික පාසලත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

අවසන් මහා තරගයේ ප්‍රථම වටයේ දී 21-12ක් ලෙස ත්‍රිකුණාමලය ක්‍රීඩිකාවන් අභිබවා ගිය අම්පාර ක්‍රීඩිකාවන්, දෙවැනි වටයේ දී ද 21-13ක් ලෙස ත්‍රිකුණාමලය ක්‍රීඩිකාවන් පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

තෙවැනි ස්ථානය සඳහා වන තරගයේ දී අනුරුද්ධ මහා විද්‍යාලයත්, පලුගොල්ල විද්‍යාලයත් තරග කළ අතර 2/0ක් ලෙස පලුගොල්ල ක්‍රීඩිකාවන් ජයග්‍රහණය වාර්තා කරන ලදි.

අවසන් මහා තරගය

  • උහන තිස්සපුර විද්‍යාලය සහ රාජකීය විද්‍යාලෝක ජාතික පාසල (21-12, 21-13)

අවසන් පූර්ව තරගය

  • උහන තිස්සපුර විද්‍යාලය සහ අනුරුද්ධ මහා විද්‍යාලය (21-11, 21-12)
  • රාජකීය විද්‍යාලෝක ජාතික පාසල සහ පලුගොල්ල යාය 10 විද්‍යාලය (21-14, 15-21, 21-13)

තෙවැනි ස්ථානය සඳහා වන තරගය

  • පලුගොල්ල යාය 10 විද්‍යාලය සහ අනුරුද්ධ මහා විද්‍යාලය (21-09, 21-16)

සම්මාන ප්‍රදානය

  • දක්ෂතම පන්දු ඔසවන්නිය: ඊ. ජේ. ඒ. පී. සඳුනි (රාජකීය විද්‍යාලෝක)
  • දක්ෂතම ප්‍රහාරිකාව: බී. ජී. සෙනුරි තරුෂිකා (උහන තිස්සපුර)
  • දක්ෂතම ක්‍රීඩිකාව: එච්. එම්. චතුරි පූර්ණිමා (උහන තිස්සපුර)

17න් පහළ බාලිකා ශූරතාවය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයට

2017 වසර සඳහා වන DSI වොලිබෝල් තරගාවලිය යටතේ වයස අවුරුදු 17න් පහළ බාලිකා අංශයේ අවසන් මහා …

13න් පහළ බාලක අංශය

සාන්ත සේවියර් විදුහල් ක්‍රීඩකයින් විසින් රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩකයින් පරාජය කරමින් බාලක අංශයේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

සාන්ත සේවියර් විදුහල අවසන් පූර්ව වටයේ දී සීදුව දවිසමර මහා විද්‍යාලය 2/1ක් ලෙස පරාජය කරමින් ද, රාජසිංහ ක්‍රීඩකයින්, මාදම්පේ සේනානායක විදුහල 2/0ක් වශයෙන් ද පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා පිවිසියේය.

අවසන් මහා තරගයේ දී සාන්ත සේවියර් ක්‍රීඩකයින් සහ රාජසිංහ ක්‍රීඩකයින් අතර ඉතා තියුණු තරග වට දෙකක් ක්‍රියාත්මක විය. එහි දී 22-20ක් සහ 24-22ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරගන්නට සාන්ත සේවියර් ක්‍රීඩකයින් සමත් වූයේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රතිරෝධය මධ්‍යයේයි.

මෙම වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සීදුව දවිසමර විදුහල සමත් විය. එහි දී ඔවුන් හමුවේ පරාජය වූයේ සේනානායක විදුහලයි.

සාන්ත සේවියර් හා රාජසිංහ මධ්‍ය විද්‍යාල අවසන් මහා තරගයට

මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය 17 වන DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් …

අවසන් මහා තරගය

  • සාන්ත සේවියර් මධ්‍ය මහා විදුහල සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල (22-20, 24-22)

අවසන් පූර්ව තරග

  • සාන්ත සේවියර් විදුහල සහ සීදුව දවිසමර විද්‍යාලය (19-21, 21-15, 21-17)
  • රුවන්වැල්ල රාජසිංහ විදුහල සහ මාදම්පේ සේනානායක විදුහල (21-19, 21-13)

තෙවැනි ස්ථානය සඳහා වන තරගය

  • සීදුව දවිසමර විද්‍යාලය සහ මාදම්පේ සේනානායක විදුහල (21-07, 21-12)

සම්මාන ප්‍රදානය

  • දක්ෂතම පන්දු ඔසවන්නා: දිමෙත් චමුදික (සාන්ත සේවියර්)
  • දක්ෂතම ප්‍රහාරකයා: නිම්සර අතුකෝරල (රුවන්වැල්ල රාජසිංහ)
  • දක්ෂතම ක්‍රීඩකයා: ඩබ්. ඕ. සමිත් මධුෂාන් ප්‍රනාන්දු (සාන්ත සේවියර්)

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<