ශ්‍රී ලංකාව සමඟ ගැටෙන්න බංගලි සංචිත දෙකක් නම් කෙරේ

Sri Lanka Tour of Bangladesh 2024

464

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සඳහා සහභාගී වීමට නියමිත බංග්ලාදේශ ක්‍රීඩක සංචිත ඊයේ (13) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.

එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා සහභාගී වන මෙම සංචිත ද්විත්වයම නව නායක Najmul Hossain Shanto විසින් මෙහෙයවීමට නියමිත අතර, හිටපු නායක Shakib Al Hasan මෙම සංචිත ද්විත්වයෙන් ම ඉවතට විසි වී තිබෙනවා.

සිය පෙනීමේ දුර්වලතාවක් නිසා ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත බව Shakib විසින් මීට පෙර සඳහන් කර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ බංගලි සංචිතයෙන් (නවසීලන්තය සමඟ තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතුරින්) ඔවුන්ගේ උප නායක Mehidy Hasan Miraz සහ තවත් ක්‍රීඩකයින් පස් දෙනෙකු ඉවත් කර තිබීමත් විශේෂත්වයක්.

මේ අනුව Afif Hossain, Shamim Hossain, Tanvir Islam, Hasan Mahmud සහ Rony Talukdar යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවතට විසි වී ඇති අතර, ඒ වෙනුවට Anamul Haque, Mohammad Naim, Mahmudullah, Taijul Islam සහ Taskin Ahmed යන ක්‍රීඩකයින් සංචිතයට කැඳවා තිබෙනවා. එමෙන්ම Aliss Al Islam නම් නවක දඟපන්දු යවන්නා ද පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

විස්සයි විස්ස සංචිතයේ සිටින අත්දැකීම් බහුල ම ක්‍රීඩකයකු වන Mahmudullah ආසන්න වශයෙන් වසරකට පමණ පසුවයි විස්සයි විස්ස සංචිතයකට එක් වන්නේ.

එමෙන්ම පසුගිය දෙසැම්බර් මාසයේ බංග්ලාදේශය සිදු කල නවසීලන්ත සංචාරයේ එක්දින කණ්ඩායමට ද Mahmudullahගේ නම ඇතුළත් වුනේ නැහැ. නමුත් මෙවර ඔහු නැවතත් එක්දින සංචිතය සමඟ ද එක් වී තිබෙනවා.

බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතය:

Najmul Hossain Shanto (නායක), Litton Das, Anamul Haque, Mohammad Naim, Tawhid Hridoy, Soumya Sarkar, Mahedi Hasan, Mahmudullah, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan, Aliss Al Islam

බංග්ලාදේශ එක්දින සංචිතය:

Najmul Hossain Shanto (capt), Anamul Haque, Soumya Sarkar, Tanzid Hasan Tamim, Litton Das, Mushfiqur Rahim, Tawhid Hridoy, Mahmudullah, Mehidy Hassan Miraz, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan Sakib, Mustafizur Rahman

තරගාවලිය එළඹෙන මාර්තු 4 ආරම්භ වීමට නියමිත අතර එහි දී විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ඊට අමතරව තවත් ටෙස්ට් තරග දෙකක් ද ඉන් පසුව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ThePapare නිල වෙබ් අඩවියෙන්,  ThePapareTV ඩයලොග් නාලිකා අංක 63 සහ 126 මගින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ සජීවී අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව ඔබට හිමි වනවා, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<