Home Sinhala අහන් සහ සොනාල්ගේ දක්ෂතා අපතේ

අහන් සහ සොනාල්ගේ දක්ෂතා අපතේ

Bangladesh Emerging Team tour of Sri Lanka

1971
Bangladesh Emerging Team tour of Sri Lanka

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ අද (19) සමත් වුනා.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙසින් සම කිරීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වුනා. දෙරට කණ්ඩායම් අතර පැවති පළමු එක්දින තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 99ක ජයග්‍රහණයක් හිමි වුනා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ පවන් රත්නායක සහ චමිඳු විජේසිංහ වෙනුවට ෂෙවෝන් ඩැනියෙල් සහ චමිඳු වික්‍රමසිංහ කැඳවා තිබුණා.

සංචාරක කණ්ඩායම මෙම තරගයට එක් වූයේ වෙනස්කම් 4ක් සහිතවයි. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ Pritom Kumar, Rakibul Hasan, Mrittunjoy Chowdhury සහ Ripon Mondol කණ්ඩායමේ ස්ථාන අහිමි ව ගිය අතර ඒ වෙනුවට Prantik Nawrose Nabil, Akbar Ali, Naeem Ahmed සහ Ahmed Sharif කණ්ඩායමට එක් කර තිබුණා.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම: අහන් වික්‍රමසිංහ (නායක), ෂෙවෝන් ඩැනියෙල්, මොහොමඩ් ෂමාස්, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), නවෝද් පරණවිතාන, සොනාල් දිනූෂ, විජයකාන්ත් වියස්කාන්ත්, චමිඳු වික්‍රමසිංහ, චාමික ගුණසේකර, අශේන් ඩැනියෙල්, එෂාන් මාලිංග.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම: Parvez Hossain Emon (නායක), Amite Hasan, Prantik Nawrose Nabil, Mahmudul Hasan Joy, Abdullah Al Mamun, Shahadat Hossain, Rishad Hossain, Akbar Ali (කඩුලු රකින්නා), Naeem Ahmed, Ahmed Sharif, Musfik Hasan.

කාසියේ වාසිය දිනා ගත් සංචාරක නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 297ක් ලබා ගත්තා.

එහි දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට අහන් වික්‍රමසිංහ සමත් වුනා. ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා. පෙර තරගයේ දී ද ඔහු ලකුණු 68ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 55කට දැවී ගිය පසුව අහන් වික්‍රමසිංහ සහ නවෝද් පරණවිතාන එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් එක් කළා. එහි දී නවෝද් පරණවිතාන පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

ඊට අමතරව අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ හා එක් ව 5 වැනි කඩුල්ල සඳහා ද ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. එම කඩුල්ලේ සබඳතාව අහන් වික්‍රමසිංහගේ දැවී යෑමත් සමඟින් නිමා වූ අතර සොනාල් දිනූෂ 7 වැනි පිතිකරු ලෙසින් දැවී යන විට පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා සිටියා.

ඊට අමතර ව චමිඳු වික්‍රමසිංහ පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

කඩුලු ලබා ගැනීමේ දී Musfik Hasan ලකුණු 56කට කඩුලු 3ක් ද සහ Ahmed Sharif ලකුණු 53කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිම පන්දුවාර 36කට පමණක් සීමා වුනා. ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉහළ අහසේ ලැගුම් ගත් අඳුරු වළාකුළු හේතුවෙන්. ඒ වෙද්දී ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 200ක් ලබා සිටියා.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කරමින් පන්දු යැවූ චාමික ගුණසේකර සමත් වූවත්, එතැන් සිට 12 වැනි පන්දුවාරය දක්වා ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක සාර්ථක වීමට බංග්ලාදේශ නැගීඑන ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

පළමු කඩුල්ල ලකුණු 8 දී අහිමි වූ පසු දෙවැනි කඩුල්ලට පන්දු 63ක දී ලකුණු 62ක සබඳතාවක් එක් කිරීමට නායක Parvez Hossain Emon සහ Prantik Nawrose Nabil සමත් වුනා.

දෙවැනි කඩුල්ල ලෙසින් Parvez Hossain Emon චමිඳු වික්‍රමසිංහගේ පන්දුවකට දැවී යද්දී පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

අනතුරුව පිටියට එක් වූයේ Mahmudul Hasan Joy. ඔහු හා Prantik Nawrose Nabil එක්ව තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විටත් තම කඩුලු ආරක්ෂා කර ගනිමින් සිටියා. ඒ වෙද්දී Prantik Nawrose Nabil පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 92ක් ද සහ Mahmudul Hasan Joy පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟන් නොදැවී ලකුණු 57ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට නොදැවුණ සබඳතාව ලකුණු 130ක්. ඒ සඳහා ඔවුන්ට වැය ව තිබුණේ පන්දු 147ක් පමණයි.

Result


Bangladesh Emerging Team
200/2 (36)

Sri Lanka Emerging Team
297/7 (50)

Batsmen R B 4s 6s SR
Shevon Daniel c Akbar Ali b Ahmed Sharif 12 9 2 0 133.33
Mohammed Shamaaz c Prantik Nawrose Nabil b Naeem Ahmed 12 19 2 0 63.16
Sohan de Livera c Prantik Nawrose Nabil b Musfik Hasan 23 21 3 0 109.52
Navod Paranavithana c Rishad Hossain b Mahmudul Hasan Joy  37 53 3 0 69.81
Ahan Wickramasinghe c Abdullah Al Mamun b Musfik Hasan 77 79 6 3 97.47
Sonal Dinusha c Abdullah Al Mamun b Musfik Hasan 62 70 5 0 88.57
Vijayakanth Viyaskanth c Akbar Ali b Ahmed Sharif 25 21 2 0 119.05
Chamindu Wijesinghe not out 28 19 2 1 147.37
Chamika Gunasekara not out 10 9 1 0 111.11


Extras 11 (b 0 , lb 2 , nb 0, w 9, pen 0)
Total 297/7 (50 Overs, RR: 5.94)
Bowling O M R W Econ
Musfik Hasan 10 0 56 3 5.60
Ahmed Sharif 9 0 53 2 5.89
Naeem Ahmed 10 1 32 1 3.20
Rishad Hossain 9 0 76 0 8.44
Mahmudul Hasan Joy  3 0 21 1 7.00
Abdullah Al Mamun 9 0 57 0 6.33


Batsmen R B 4s 6s SR
Parvez Hossain c & b Chamindu Wijesinghe 35 28 6 0 125.00
Amite Hasan c Sohan de Livera b Chamika Gunasekara 0 3 0 0 0.00
Prantik Nawrose Nabil not out 92 116 9 1 79.31
Mahmudul Hasan Joy  not out 57 69 4 0 82.61


Extras 16 (b 0 , lb 0 , nb 0, w 16, pen 0)
Total 200/2 (36 Overs, RR: 5.56)
Bowling O M R W Econ
Chamika Gunasekara 5 0 34 1 6.80
Eshan Malinga 6 0 39 0 6.50
Ashian Daniel 9 0 37 0 4.11
Chamindu Wijesinghe 5 0 28 1 5.60
Vijayakanth Viyaskanth 7 0 36 0 5.14
Navod Paranavithana 4 0 26 0 6.50



දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ මස 22 වැනිදා, ඉරිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ විඳ ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<