කවිඳුගෙන් ශතකයක්; ගුණතිලක ශතකය පෙනෙන මානයේ

648

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග රැසක්ම දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී අද (26) ආරම්භ විය.

එහි දී මහින්ද විදුහලට එදිරිව සාන්ත ජෝසප් විදුහලත්, සාන්ත පීතර විදුහලට එදිරිව මැසනොඩ් විදුහලත්, ලුම්බිණි විදුහලට එදිරිව සාන්ත තෝමස් විදුහලත්, තර්ස්ටන් විදුහලට එදිරිව බණ්ඩාරනායක විදුහලත් සහ අවසන් වශයෙන් ගුරුකුල විදුහලට එදිරිව නාලන්ද විදුහලත් අතර තරග බිමට පිවිසියහ.

සාන්ත ඇලෝසියස් හා වෙස්ලි විද්‍යාල ජයග්‍රාහීව දිනය නිමා කරයි

අද (25) අවසන් වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග ද්විත්වයම ජයග්‍රහණකින් කෙළවර වූ අතර, එහි දී සාන්ත ඇලෝසියස් විද්‍යාලය…

මහින්ද විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට, සාන්ත ජෝසප් පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 31ක් ලෙස සනිටුහන් වූ මෙම තරගය ගාලු ජාත්‍යන්තර පිටියේ දී ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ මහින්ද විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළ අතර, එහි දී වමතින් පිත්ත හසුරුවන කවිඳු එදිරිවීර මහින්ද විද්‍යාලයට හොඳ පදනමක් සකස් කරමින් ශතකයක් වාර්තා කළේය. ඔහු ලකුණු 101ක් ලබා ගන්නා විට, හේශාන් කාවින්ද සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේ ලකුණු 76ක් ලබාගෙනයි. පන්දු යැවීමේ දී කඩුලු 5ක් දවා ගැනීමට දුමිත් වෙල්ලාගේ සමත් විය.

පිළිතුරු ඉනිම දියත් කරන සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පිතිකරණයේ නිරත වෙන රෙවාන් කෙලී නොදැවී ලකුණු 22*යි. පන්දු යැවීමේ දී එක් ලකුණකට කඩුලු 3ක් දවා ගැනීමට නිපුන් මාලිංග සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 280/9 dec (91): කවිඳු එදිරිවීර 101, හේශාන් කාවින්ද 76, නවෝද් පරණවිතාන 42, ගෙශාන් කාවින්ද 41, හංසික වැලිහිඳ 21, දුමිත් වෙල්ලාගේ  5/77, අශේන් ඩැනියල් 2/64.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 31/3 (10): රීවාන් කෙලී 22*, නිපුන් මාලිංග 3/01.


සාන්ත පීතර විද්‍යාලය හා ද මැසනොඩ් විද්‍යාලය

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ආරම්භ කිරීමට තරමක් පමා වූ මෙම තරගය ද මැසනොඩ් පිටියේ දී ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ සත්කාරක විද්‍යාලයේ ඇරයුමින් පිතිකරණයට පිවිසි සාන්ත පීතර විද්‍යාලය දිනය අවසානයේ සිය ප්‍රථම ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 151ක් ලබාගෙන සිටි අතර, අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නවතා දමන විට දක්ෂ පිතිකරණයක නිරත වෙමින් සිටි සන්තුෂ් ගුණතිලක නොදැවී ලකුණු 81*ක් ලබාගෙන සිටියේය. නඳුන් ඩිල්ශාන් කඩුලු 2යි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 151/3 (51): සන්තුෂ් ගුණතිලක 81*, දිනෙත් අංජුල 24, නඳුන් ඩිල්ශාන් 2/20

සුපිරි පන්දු වාරයේ දී ජයගත් LB ෆිනෑන්ස් අවසන් තරගයට

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගවලට පවා ඇල්මක් දක්වන සැබෑම ක්‍රීඩාලෝලීන්ගේ ඇස් අද දිනයේ (25) යොමු වී තිබුණේ 25 වැනි වරටත්…


ලුම්බිණි විද්‍යාලය හා මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය

මාතර උයන්වත්ත පිටියේ දී කාසියේ වාසිය දිනූ ලුම්බිණි විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය අවසානයේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 127ක් ලබාගෙන සිටියි.

ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් විනූ හේමාල් විසින් වාර්තා කළ ලකුණු 28 හැරෙන්නට වෙනත් සාර්ථක ලකුණක් වාර්තා නොවීය. පන්දු යැවීමේ දී ලහිරු ඩිල්ශාන් හා තරුෂ කාවින්ද පිළිවෙළින් කඩුලු 4ක් හා 3ක් දවා ගන්නා ලදි.

හිරුෂ කාවින්දගේ ලකුණු 32ක හැරෙන්නට වෙනත් සාර්ථක ලකුණක් වෙත යාමට පිළිතුරු පළමු ඉනිම දියත් කරන සාන්ත තෝමස් පිතිකරුවන් අපොහොසත් විය.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 155/10 (47.5): විනූ හේමාල් 28, ලහිරු ඩිල්ශාන් 4/20, තරුෂ කාවින්ද 3/10.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 127/7 (49): හිරුෂ කාවින්ද 31.

තර්ස්ටන් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ දී කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පිටියේ පන්දු රැකීමට තීරණය කරන ලදි.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ සවන ප්‍රභාෂ් නොදැවී ලකුණු 76*ක් ලබාගෙන තර්ස්ටන් ඉනිම අවසන් වන තුරු පිටියේ රැඳී සිටි අතර, අවසානයේ ඔවුන්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 187කි. පන්දු යැවීමේ දී ජනිඳු ජයවර්ධන කඩුලු 3යි.

තරගයේ පළමු දිනය අවසානයේ බණ්ඩාරනායක විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 22ක් ලබාගෙන සිටින්නේ තර්ස්ටන් පළමු ඉනිමට වඩා ලකුණු 165ක් පසුපසින් පසුවෙමිනි.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 187/10 (58): සවන ප්‍රභාෂ් 76*, ජනිඳු ජයවර්ධන 3/64.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 22/3 (12):

ගොඩබිමක් සොයන බිඳී ගිය ක්‍රිකට් නෞකාව

අතිශය තීරණාත්මක ගමනකින් පසු ලෝක කුසලාන එක්දින තරගාවලිය නම් සාගරයෙන් නෙරපා සුදුසුකම් ලැබීමේ වටය නම් තටාකයට දමනු ලැබීමෙන් යන්තමින් ගැලවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නෞකාව, මේ…


කැලණිය ගුරුකුල විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ සත්කාරක නාලන්ද විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ඒ අවසරයෙන් පිටියට අවතීර්ණ වූ ගුරුකුල විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 93කට සීමා කිරීමට රවීන් ද සිල්වා ඇතුළු නාලන්ද පන්දු යවන්නන්ට හැකි විය. තරගයේ පළමු දිනය අවසන් වන විට, නාලන්ද විද්‍යාලය ලකුණු 53ක් ලබාගෙන සිටියේ, කඩුලු 3ක් දැවී වන අතර, නොදැවී ක්‍රීඩා කරන ලක්ෂිත රසාංජන ලකුණු 27*යි. නාලන්ද විද්‍යාලය, ගුරුකුල විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 39ක් පසුපසින් පසුවෙයි.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 93/10 (34.1): මලිඳු විදුරංග 20, රවීන් ද සිල්වා 3/17, චමිඳු විජේසිංහ 2/21.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 54/3 (15): ලක්ෂිත රසාංජන 27*, ලසිඳු අයේෂ් 2/08.

මෙම තරග සියල්ලම හෙට (27) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න