යුද හමුදා මලල ක්‍රීඩා පිටියේ වේගවත්ම ක්‍රීඩකයාගේ කිරුළ හිමාෂට

57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය 2021

376

2021 යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනයේ තරග ඉසව් අද (24) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ විටින්විට ඇඳ හැලුණු වර්ෂාවෙන් සිදු වූ බාධා මධ්‍යයේයි.

අද දිනයේ පැවති ඉසව් අතරින් වැඩිම අවධානය දිනා ගත් තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා තේරීම සඳහා වූ මීටර් 100 ඉසව්වේ කිරුළ දිනා ගැනීමට එම ඉසව්වේ ජාතික ශූර හිමාෂ ඒෂාන්ට හැකි වුනේ තත්පර 10.29ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

තත්පර 10.47ක කාලයකින් තරගය අවසන් කළ එම්. යෝධසිංහ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර තත්පර 10.56ක කාලයකින් තරගය නිමා කළ එස්. ධර්මකීර්ති හට තෙවැනි ස්ථානය හිමි වුනා.

දිනයේ පිහිටවූ එකම වාර්තාව පිහිටුවමින් කාන්තා මීටර් 110 කඩුලු පැනීම ඉසව්වේ තරගාවලි වාර්තාව බිඳ හෙළීමට ජාතික ශූරී ලක්ෂිකා සුගන්ධි සමත් වුනේ තත්පර 13.84ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය තත්පර 14.94ක කාලයකින් තරගය අවසන් කළ කේ. හපුආරච්චි හටත්, තෙවැනි ස්ථානය තත්පර 15.03කින් තරගය එන්. ප්‍රනාන්දු ක්‍රීඩිකාවට හිමි වුනා.

අද (24) උදෑසන වරුවේ පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ කිරුළ දිනා ගැනීමට මිනිත්තු 37:23.50ක කාලයකින් තරගය නිමා කළ එම්. පී. හේරත්ට හැකි වූ අතර ඩබ්. එම්. හේරත් (මිනිත්තු 37:25.83) දෙවැනි ස්ථානයත්, එම්. එන්. නිදර්ශනී (මිනිත්තු 37:26.14) තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

පිරිමි මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ආර්. එම්. එස්. පුෂ්පකුමාර දෙවැනි (මිනිත්තු 9:17.44) තැනට ඇද දමමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට යූ. බී. හේරත්ට (මිනිත්තු 37:23.50) හැකි වුනා. එම තරගයේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ ජේ. විජේනායකයි.

දිනයේ අනෙක් තරග ප්‍රතිඵල:

උස පැනීම, පිරිමි – අවසන් තරගය

  • ඩී. රණතුංග – මීටර් 14
  • ටී. දසුන් – මීටර් 11
  • යු.කුමාර – මීටර් 05

හෙල්ල විසිකිරීම, කාන්තා – අවසන් තරගය

  • ඩී. ලේකම්ගේ – මීටර් 27
  • එච්. සෙව්වන්දි – මීටර් 07
  • ඒ. සෙව්වන්දි – මීටර් 97

කවපෙත්ත විසිකිරීම, පිරිමි – අවසන් තරගය

  • ඩී. සෙපරමාදු – මීටර් 69
  • කේ. සිල්වා – මීටර් 62
  • එම්. ආසික් – මීටර් 62

තරගාවලියේ සිව්වැනි දිනය වන හෙට (24) තවත් උණුසුම් ඉසව් කිහිපයක අවසන් තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<