ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සටනට ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි

Australia Tour of Sri Lanka 2022

1841

එළඹෙන 7 වැනිදා විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් සංචාරය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට හෙටින් (04) ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

ජුනි 7 වැනිදා සිට ජූලි 12 වැනිදා පැවැත්වීමට නියමිත මෙම තරග සංචාරය සඳහා ආකෘති සියල්ලේම තරගාවලි ඇතුළත් වන අතර ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග 3ක්, එක්දින තරගාවලිය සඳහා තරග 5ක් සහ ටෙස්ට් තරගාවලිය සඳහා තරග 2ක් ඇතුළත් වනවා.

ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk හරහා අන්තර්ජාලය ඔස්සේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් (ජුනි 4 වැනිදා සිට), පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් (ජුනි 8 වැනිදා සිට) සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් (ජුනි 26 වැනිදා සිට) මිල දී ගැනීමට හැක.

ප්‍රවේශ පත්‍ර තරග පැවැත්වෙන දින එදින දොරටුවෙන් ද ලබා ගැනීමට හැකි අතර අන්තර්ජාලය ඔස්සේ මිල දී ගන්නා ප්‍රවේශ පත් ඉහත සඳහන් කළ ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන ස්ථානවලින් තරග දිනට ප්‍රථම ලබා ගත යුතුයි.

ප්‍රවේශ පත්‍ර ගාස්තු පහත පරිදි වේ.

පසුගිය කාලසීමාවේ කොරෝනා වසංගතය නිසාවෙන් සීමිත පිරිසක් සඳහා පමණක් තරග නැරඹීමට අවකාශය හිමි වුවත්, මෙම තරගාවලිය පූර්ණ වශයෙන් ප්‍රේක්ෂකයින්ට විවර වන බව වාර්තා වනවා.

විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියා සංචිතය මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු වන Andrew McDonald කණ්ඩායම සමඟ දිවයිනට නොපැමිණියේ ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසාවෙනි. ඒ අනුව තරග සංචාරය ආරම්භයේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහය පුහුණුකරු Michael Di Venuto කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන සංචිතය ඊයේ (1) මාධ්‍ය වෙත නිකුත් කළ අතර සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් හොඹවනු ඇත.

තරග කාලසටහන:

දිනය ක්‍රීඩාංගණය
පළමු විස්සයි විස්ස තරගය ජුනි 7 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි විස්සයි විස්ස තරගය ජුනි 8 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි විස්සයි විස්ස තරගය ජුනි 11 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු එක්දින තරගය ජුනි 14 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි එක්දින තරගය ජුනි 16 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි එක්දින තරගය ජුනි 19 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
සිව්වැනි එක්දින තරගය ජුනි 21 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පස්වැනි එක්දින තරගය ජුනි 24 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු ටෙස්ට් තරගය ජුනි 29 – ජූලි 3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි ටෙස්ට් තරගය ජූලි 8 – 12 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

සමස්ත තරග සංචාරයේම උණුසුම ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<