කටාර් ක්‍රිකට් නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට

5504

කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද කඩුලු රකින ක්‍රීඩක Rizlan Iqbar නිල වශයෙන් තෝරා ගෙන තිබුණා.

ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපත ලැබූ Rizlan කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හදාරා තිබෙන අතර ඔහු සිය පාසලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම මහනුවර ක්‍රිකට් සංගමයේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙකු ද වන Rizlan පාසල් වියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයට ද තෝරාගැනීමට සැලකූ බව වාර්තා වනවා.

පසුව කටාර් දේශය බලා පිටත් වූ ඔහු 2010 වසරේ සිට කටාර් හී දේශීය තරග නියෝජනය කිරීමෙන් අනතුරුව ඔහු දැක්වූ දස්කම් නිසාවෙන් 2017 වසරේ දී කටාර් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින වරම් සහ 2019 දී විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම 2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා කළ කටාර් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ ද Rizlan.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<