ශ්‍රී ලංකාවට එන ඕස්ට්‍රේලියා සංචිතයේ කොරෝනා බියක්

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

348
Bangkok Post

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත් Andrew McDonald හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව ICC විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ තවත් සතියකටත් අඩු කාලයකින් ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට පෙර වීම විශේෂත්වයක්. ඒ අනුව ඔහුට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට අවස්ථාව අහිමි වන අතර දින 7ක නිරෝධායන කාලයකින් අනතුරුව ඔහු තරගාවලියේ දෙවැනි විස්සයි විස්ස තරගයට පෙර එනම් ජුනි 8 වැනිදා පෙර නැවතත් කණ්ඩායම සමඟ එකතු වේ යැයි අපේක්ෂා පසුවනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩයමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන Michael Di Venuto ප්‍රධාන පුහුණුකරු තනතුරේ වැඩබලන බව සඳහන්. ඔහුට අමතරව දඟපන්දු යවන පුහුණුකරු S Sriram සහ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක Clint McKay කණ්ඩායමේ පුහුණුකරණ අංශය සවිමත් කරනවා.

නව තනතුරු වැඩ භාර ගත් පසුව McDonald සහභාගී වන ප්‍රථම තරග සංචාරය මෙය වනවා. මීට පෙර ප්‍රධාන පුහුණුකාරීත්වය දැරූ Justin Langer නික්ම ගිය පසුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරුවෙකු ලෙස McDonald කටයුතු කළා.

අලුතින් තේරීපත් වූ සහය පුහුණුකරුවන් වන Daniel Vettori සහ Andre Borovec ද McDonald සමඟින් ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ දී පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ඇත.

මෙම තරග සංචාරය සඳහා සියලු ආකෘතිවල තරගාවලි ඇතුළත් වන අතර එය විස්සයි විස්ස තරගාවලියෙන් අරම්භ වී ටෙස්ට් තරගාවලියෙන් අවසන් වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග 3ක් ඇතුළත් වන අතර එක්දින තරගාවලිය තරග 5කින් සමන්විතයි. ටෙස්ට් තරගාවලියට ඇතුළත් වන්නේ තරග දෙකක් පමණක් වන අතර එය ICC World Test Championship තරගාවලියට ඇතුළත් තරග දෙකක් වීම විශේෂත්වයක්.

තරග කාලසටහන:

දිනය ක්‍රීඩාංගණය
පළමු විස්සයි විස්ස තරගය ජුනි 7 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි විස්සයි විස්ස තරගය ජුනි 8 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි විස්සයි විස්ස තරගය ජුනි 11 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු එක්දින තරගය ජුනි 14 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි එක්දින තරගය ජුනි 16 පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
තෙවැනි එක්දින තරගය ජුනි 19 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
සිව්වැනි එක්දින තරගය ජුනි 21 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පස්වැනි එක්දින තරගය ජුනි 24 ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
පළමු ටෙස්ට් තරගය ජුනි 29 – ජූලි 3 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙවැනි ටෙස්ට් තරගය ජූලි 8 – 12 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<