පසුගිය සැප්තැම්බර් මාසයේ ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ජාතික මෙන්ම දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට සමත් වෙමින් ජාත්‍යන්තර කෙටිදුර ධාවන පිටියේ මේ දිනවල ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඔහු නමින් යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ය.

1994 පන්නල දී උපත ලද යුපුන් පන්නල ජාතික විද්‍යාලයෙන් සිය මලල ක්‍රීඩා ගමන ආරම්භ කර පසුව වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය නියෝජනය කරමින් මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. පසුව ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංචිතය හා එක්වෙමින් ද ජයග්‍රහණ රැසක උරුමක්කාරයෙකු වන්නට ඔහු සමත් විය.

2015 දී ඉතාලියේ පුහුණුවට ගිය යුපුන් දිනෙන් දින සිය දස්කම් ඉහළ නංවා ගනිමින් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට ආසන්න වෙමින් සිටින ක්‍රීඩකයෙකි. මෙවර Photo Story ලිපිය වෙන්වන්නේ යුපුන් මෙතෙක් ආ ගමනේ දී කැමරා කාචයේ සටහන් වූ සේයා රූ කිහිපයක් වෙනුවෙනි.

1. පාසල් මලල ක්‍රීඩා පිටියේ ආධිපත්‍ය පැතිර වීම 

Yupun Abeykoonපන්නල ජාතික පාසලෙන් මලල ක්‍රීඩා ගමන ආරම්භ කළ යුපුන් දැක්වූ දස්කම් නිසාවෙන් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට යෑමට ඔහුට වරම් හිමි වූ අතර පසුව එම විද්‍යාලය නියෝජනය කරමින් මලල ක්‍රීඩා පිටියේ ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. 

2. ජාත්‍යන්තර තරගාවලියට වරම් 

Yupun Abeykoonදේශීය කනිෂ්ඨ පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් යුපුන් 2013 වසරේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා මෙරට නියෝජනය කරමින් සහභාගි වීමට සමත් විය.

3. කුළුඳුල් ජාත්‍යන්තර පදක්කම

Yupun Abeykoonයුද හමුදා මලල ක්‍රීඩා සංචිතය හා එක් වීමට වරම් ලද යුපුන් 2015 Military World Games හී මීටර් 100X4 සහය දිවීමේ තරගය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

4. ක්‍රීඩා දිවිය වෙනස් කළ ඉතාලි පුහුණුව 

Yupun Abeykoonමෙරට මලල ක්‍රීඩා පිටියේ දස්කම් දැක්වීමෙන් අනතුරුව 2015 වසරේ ඉතාලියට ශිෂ්‍යත්වයක් ලැබීම නිසාවෙන් එම රට බලා ගිය යුපුන් එහි මලල ක්‍රීඩා පුහුණු සංචිතයක් හා එක් වෙමින් කෙටිදුර ධාවන පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

5. ජාතික ශූරයා බවට පත්වීම 

Yupun Abeykoonඉතාලියේ ලද සාර්ථක පුහුණුවෙන් පසු 2017 වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගි වීමට මෙරටට පැමිණි යුපුන් එහි දී මීටර් 100 ඉසව්ව තත්පර 10.52ක කාලයකින් අවසන් කරමින් ජාතික ශූරයා බවට පත්වීමට සමත් විය.

තවත් Photo Stories:

6. සිය ක්‍රීඩා දිවියේ හොදම කාලය 

Yupun Abeykoon2018 වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා සංචිත තේරීම් තරගවලට සහභාගි වූ යුපුන් එහි දී මීටර් 100 ඉසව්ව තත්පර 10.31ක කාලයකින් අවසන් කරමින් සිය ක්‍රීඩා දිවියේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු එහි දී හිටපු ජාතික ශූර ශෙහාන් අඹේපිටිය පරාජය කිරීමට ද සමත් විය.

7. පසුබෑමකට ලක් වූ ජාතික ශූරතාවය 

Yupun Abeykoonසාර්ථක වසර කිහිපයකින් පසුව 2019 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා වූ 97 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව සඳහා සහභාගි වූ යුපුන් එම තරගය 10.52 කාලයකින් අවසන් කිරීමට සමත්වූවත් හතරවැන්නා ලෙස තරගය නිමා කිරීමට ඔහුට සිදු විය.

8. දකුණු ආසියානු පදක්කම් සිහිනය සපුරා ගැනීම 

Yupun Abeykoon2019 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා 100X4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද යුපුන් එහි දී ඉතා සාර්ථක තරග අවසානයක් සටහන් කරමින් සිය කණ්ඩායමට දකුණු ආසියානු රන් පදක්කමක් දිනා දීමට සමත් විය.

9. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා

Yupun Abeykoonකෙටිදුර ධාවන පිටියේ ඉතා කැපී පෙනෙන වසර කිහිපයකින් පසුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූ යුපුන් එහි දී මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ශ්‍රී ලංකා සහ ආසියානු වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

10. ලෝක ශූරයන් හා ගැටෙමින් ජයක් ලැබීම 

Yupun Abeykoonජර්මනියේ දී ලද ජයග්‍රහණයෙන් පසු ස්විස්ටර්ලන්තයේ පැවති Galà dei Castelli තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ යුපුන් එම තරගය තත්පර 10.24ක කාලයකින් අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එහි දී ඔහු විසින් යුරෝපා ශූරයෙකු වූ Churandy Martina පරාජය කිරීම ද කැපී පෙනුනි.

දිනෙන් දින සිය දස්කම් වැඩි දියුණු කරගනිමින් ඉදිරියට යන යුපුන් මෙරටට ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ගෙන ඒමට ඉහළ හැකියාවක් ඇති දක්ෂ ක්‍රීඩකයෙකි, ඔහුගේ දස්කම් වැඩි දියුණු කරගනිමින් ලබන වසරේ පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com සුබපතන්නෙමු.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<