සුසන්තිකාගේ වාර්තාවක් අමාෂා භාරයට

57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය 2021

4809

දින 5ක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ 2021 යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය අදින් (26) අවසන් වුනේ යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව ශූරතාවයට උරුමකම් කියමිනුයි.

තරගාවලිය ඉකුත් 22 වැනිදා ආරම්භ වූ අතර තරගාවලියේ නිමාව සටහන් වන විට නව ජාතික වාර්තාවක්, නව යුද හමුදා වාර්තා 3ක් සහ තරගාවලි වාර්තා 14ක් බිහි වීම විශේෂත්වයක්.

අද දිනයේ කැපී පෙනෙන වාර්තාවකට උරුමකම් කියන්නට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූරි අමාෂා ද සිල්වා සමත් වුනේ ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ විසින් පිහිටුවා තිබූ තරගාවලි වාර්තාව (තත්පර 11.6) අභිබවා යමිනුයි. ඒ් අනුව මීටර් 200 ඉසව්වේ නව තරගාවලි වාර්තාවට උරුමකම් කියන්නට අමාෂා සමත් වුනේ තත්පර 11.67ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි. ·

ඇයට අමතරව අද දිනයේ තවත් වාර්තාවක් අලුත් කරන්නට මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්ව නියෝජනය කළ රොෂාන් ධම්මික රණතුංග සමත් වුනා. ඒ් තත්පර 13.91ක කාලයක් වාර්තා කරමිනුයි. එම ඉසව්වේ මින් පෙර වාර්තාව දැක්වුණේ තත්පර 14.16ක් ලෙසයි.

ඊට අමතරව යගුලිය විසිකිරීම පිරිමි ඉසව්වේ ද නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට ඩබ්. එස්. එම්. ප්‍රනාන්දු සමත් වුනා. ඔහු විසින් මීටර් 16.60 දක්ෂතාවයක් දක්වමින් මින් පෙර තිබූ වාර්තා වූ මීටර් 15.88 වාර්තාව අභිබවා යන්නට සමත් වුනා.

>> තරගාවලියේ 5 වැනි දිනයේ ඡායාරූප ඇල්බමය <<

දිනයේ වාර්තා වූ අවසන් තරගාවලිය වාර්තා වුනේ දුර පැනීම කාන්තා ඉසව්වෙන්. එම ඉසව්වේ දක්ෂ ක්‍රීඩිකාවක් වන සාරංගි ද සිල්වා විසින් මීටර් 6.14ක දක්ෂතාවයක් වාර්තා කරන්නට සමත් වූ අතර මින් පෙර එම වාර්තාව දැක්වුණේ මීටර් 6.08ක් ලෙසයි.

තරගාවලියේ වාර්තා වූ සමස්ත වාර්තා:

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් හිමාෂ ඒෂාන් සම්මානයට පාත්‍ර වෙද්දී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නිලානි රත්නායක සම්මානයට පාත්‍ර වුනා.

ලකුණු 311ක් සමඟින් සමස්ත තරගාවලියේ පිරිමි ශූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා කාලතුවක්කු බලකාය සමත් වුනා. ලකුණු 279ක් සමඟින් කාන්තාව ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් වුනේ කාන්තා බලකා A කණ්ඩායමයි. තරගාවලියේ නැගී එන රෙජිමේන්තුවට හිමි සම්මානය ද දිනා ගත්තේ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසිනුයි.

ශූරයින්ගේ අවසන් ලකුණු සටහන:

කොරෝනා වසංගතය සහ වැස්සෙන් එල්ල වූ අභියෝග හමුවේ තරගාවලිය සාර්ථකව අවසන් කරන්නට සංවිධායකයින් සමත් වූ අතර තරගාවලියේ සමාප්ත උළෙල නැටමු

ගැයුම්වලින් වර්ණවත් වී තිබුණා. සමාප්ති උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර අලංකාර මල් වෙඩි සංදර්ශනයක් මැද තරගාවලිය නිමාවට පත් වුනා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<