ගෙවුනු දවස ජුනි 7 – රග්බි තීරකවරුන් නැවතත් පල්ලෙකැලේට

827
Sri Lanka Sports news last day summary june 7

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

— රගර් –

තරග තීරකවරුන් නැවතත් පැල්ලේකැලේට

විද්‍යා විද්‍යාලය අතර පැවැත්වු තරගයකදි, එම තරගය පැවැත්වු ත්‍රිත්ව විද්‍යාලයට නිසි පරිදි තරග තීරකවරුන්ට අාරක්ෂාව ලබා දීමට නොහැකි වුවා යැයි චෝදනාව මත තරග තීරකවරුන්ගේ සංගමය විසින් පල්ලේකැලේ පිටියෙහි තරග, වර්ජනය කිරීමට තීරණයක් ගෙන තිබිනි. කෙසේනමුත් ත්‍රිත්ව විද්‍යාලීය පාසල් බලධාරීන් සමඟ තිබු සාකච්ඡාවකින් අනතුරුව තරග තීරකවරුන්ට නිසි අාරක්ෂාව ලබා දීමට එකඟ වීමෙන් පසු තරග තීරකවරුන් නැවතත් පල්ලේකැලේ තරග සඳහා සහභාගී වීමට තීරණය කර අැත.

පාපන්දු –

කින්ග්ස්වුඩ් විදුහල පැරදු සාන්ත ජෝසප් විදුහල

කොත්මලේ චෝක්ස් වයස අවුරුදු 19 පහල පාසල් පාපන්දු ශූරතාවලියේ පැවැති තරගයකින් ජය ගැනීමට සාන්ත ජෝසප් විදුහලට හැකි විය. ඒ් ප්‍රතිවාදීන් වු කින්ග්ස්වුඩ් විදුහල පරාජය කරමිනි. තරගය අවසානයේදි ලකුණු පුවරුව 10-0 ලෙස දැක්විය.

හොකී 

කින්ග්ස්වුඩ්, සීතා දේවි අංක 1

මහනුවර දිස්ත්‍රික් හොකී සංගමය විසින් සංවිධානය කරනු ලැබු මහනුවර දිස්ත්‍රික් හොකි ශූරතාවලිය පසුගිය 2, 3 සහ 6 යන දිනයන් හි පේරාදෙනිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනෙය්දි පැවැත්විය.

කණ්ඩායම් 18 සහභාගීත්වයෙන් පැවැත් මෙම තරගාවලියේ පිරිමි අංශයේ ජය කින්ග්ස්වුඩ් විදුහලටත්, කාන්කා අංශයේ ජය සීතාදේවි විද්‍යාලයටත් හිමි විය.

දවසේ නිමාව