කොදෙව් – අයර්ලන්ත විස්සයි විස්ස තරගාවලිය සම වෙයි

අයර්ලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2020

76

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 9 කින් ජය ගැනීමට කොදෙව්වන් අද (21) දින සමත් විය. ඒ අනුව තරගාවලිය නිමා වූයේ 1-1 ක් ලෙස සම තත්වයෙනි. 

මතීෂ පතිරණ ලොව වේගවත්ම පන්දුවේ වාර්තාව අලුත් කළා ද?

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ……..

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීම සඳහා තීරණය කළහ. තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය අයර්ලන්තය ජය ගැනීම සහ දෙවන තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වීම නිසා තෙවන තරගය ජය ගැනීම කොදෙව් කණ්ඩායමට ඉතාමත් වැදගත් විය. 

කොදෙව්වන්ගේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවන්ව තරගයේ පළමු පන්දුවාරයේ සිටම සිය පාලනයට නතුකර ගැනීමට නායක කිරන් පොලාර්ඩ් ඇතුළු කොදෙව් කණ්ඩායම සමත් විය. කෙසේ නමුත් එම පීඩනය හැකි උපරිමයෙන් මැඩ පවත්වා ගත් අයර්ලන්ත මුල්පෙළ පිතිකරුවන්, පළමු කඩුල්ල සඳහා ලකුණු 50 ක සබඳතාවයක් ගොඩනංවන ලදි. පෝල් ස්ටර්ලින් සමඟින් එක්වූ කෙවින් ඕබ්‍රයන්ගේ එම සබඳතාවය නිමා කළ බ්‍රාවෝ, ලකුණු 11 ක් ලබා සිටි ස්ටර්ලින්ව පිටියෙන් ඉවත් කළේය. 

අනතුරුව පිටියට පැමිණි අයර්ලන්ත නායක ඇන්ඩි බැල්බ්රින්, ඕබ්‍රයන් සමඟ එක්ව දෙවන කඩුල්ල සඳහා ද යම් සබඳතාවයක් එකතු කිරීමට වෑයම් කළ නමුත් හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 36 ක් ලබා සිටි ඕබ්‍රයන්ගේ දැවී යාමත් සමඟ අයර්ලන්ත කණ්ඩායමේ බිඳ වැටීම ආරම්භ විය. 

වාර්තා රැසක් බිහි වූ තරගයේ ජය එංගලන්තයට

ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ “ලෝක ටෙස්ට් ශූරතාවය” …………

කලකට පසුව ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ බ්‍රාවෝ (කඩුලු 3) නායක පොලාර්ඩ් (කඩුලු 3) සමඟ එක්ව අයර්ලන්ත ඉනිම සුන්කළ අතර පන්දුවාර 19 කුත් එක් පන්දුවක් අවසානයේ ඔවුන්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 138 ක් පමණි. 

ලකුණු 139 ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරුවන් යුගලය වූ ලෙන්ඩල් සිමන්ස් සහ එවින් ලුවිස් පළමු කඩුල්ල සඳහා ලකුණු 133 ක සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දු 64 ක් තුළයි. හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 46 ක් රැස්කර ගෙන සිටි එවින් ලුවිස්, සිමී සිංගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. 

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම වාර්තා පොත් අලුත් කරයි

ශ්‍රී ලංකා ගෘහස්ථ ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගිය ………….

සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ 7 වන අර්ධ ශතකය වාර්තා කර ගත් සිමන්ස් පන්දු 40 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 91* ක් රැස්කර ගැනීමට සමත් විය. සිමන්ස් සිය පිතිකරණ ජවය මුළු ලොවටම පෙන්නුම් කළේ හතරේ පහර 5 ක් සහ හයේ පහර 10 ක් එල්ල කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 11 ක් අවසානයේ ඔවුන් වෙත හිමි වූ ඉලක්කය පහසුවෙන්ම හඹා ගිය කොදෙව්වෝ තරගය කඩුලු 9 කින් ජයග්‍රහණය කළහ. 

අයර්ලන්තය : 138 (19.1) කෙවින් ඕබ්‍රයන් 36, ඇන්ඩි බැල්බ්රින් 28, කිරන් පොලාර්ඩ් 3/17, ඩ්වෙයින් බ්‍රාවෝ 3/19. 

බටහිර ඉන්දීය කොදෙව් : 140/1 (11) ලෙන්ඩ්ල් සිමන්ස් 91*, එවින් ලුවිස් 46. 

තරගයේ වීරයා – ලෙන්ඩ්ල් සිමන්ස්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<