Jacob Kiplimoට දිගුදුර ලෝක වාර්තාවක්

204

පිරිමි අර්ධ මැරතන් ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළමින් එම ඉසව්ව සඳහා නව ලෝක වාර්තාවක් පිහිටුවීමට උගන්ඩා Jacob Kiplimo පසුගිය දා සමත් වුනා.

පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති Lisbon අර්ධ මැරතන් තරගය මිනිත්තු 57:31ක කාලයකින් අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වෙමින් Jacob Kiplimo බිඳ හෙලුවේ මිනිත්තු 57:32ක කාලයකින් අවසන් කරමින් කෙන්යානු ජාතික Kibiwott Kandie පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.

මිනිත්තු 59:39ක කාලයකින් තරගය අවසන් කළ ඉතියෝපියානු ක්‍රීඩක Huseydin Mohamed දෙවැනි ස්ථානය දිනා ගත් අතර මිනිත්තු 59:39ක කාලයකින් ඉසව්ව නිමා කළ ඉතියෝපියානු ක්‍රීඩක Gerba Beyata Dibaba තෙවැන්නා ලෙස තරගය අවසන් කළා.

උගන්ඩාව නියෝජනය කරමින් 2016 වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියට පිවිසි Jacob Kiplimo 2020 වසරේ ලෝක අර්ධ මැරතන් කිරුළ දිනා ගැනීමට සමත් වූ අතර මෙම වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී මීටර් 10,000 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

තරගාවලියේ කාන්තා ඉසව්වේ ජයග්‍රහණය පැය 1:06.06ක කාලයකින් තරගය අවසන් කළ ඉතියෝපියානු ක්‍රීඩිකා Tsehay Gemechu විසින් දිනා ගත් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් කෙන්යානු ක්‍රීඩිකාවන් වන Daisy Cherotich සහ Joyce Chepkemoi හට හිමි වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<