සචිනි ජාතික වාර්තාවකට; පුවිදරන් සහ ජනිත්ගෙන් තරගාවලි වාර්තා

57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය 2021

235

2021 යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනයේ තරග ඉසව් අද (23) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ වරින් වර කොළඹට ඇඳ වැටුණු වර්ෂාව නිසාවෙන් එල්ල වූ බාධා මධ්‍යයේයි.

ඊයේ (23) දිනය සහය දිවීමේ සැණකෙළියට වෙන්වීම නිසාවෙන් යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ අනෙකුත් ප්‍රධාන ඉසව්වන් අද ආරම්භ වුනා.

ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී පිහිටවූ රිටි පැනීමේ ජාතික වාර්තාව මාසයක් ගත වීමට පෙර නැවත අලුත් කිරීමට රිටි පැනීමේ ක්‍රීඩිකා සචිනි පෙරේරාට හැකි වුනේ ගිය වර මගහැරී ගිය මීටර් 3.60ක උස සාර්ථකව තරණය කරමිනුයි.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය මීටර් 2.10ක දුරක් වාර්තා කළ ටී. එන්. විජේසූරිය හට හිමි වුනා.

පිරිමි රිටි පැනීමේ තරගයෙන් ද මීටර් 5.00ක උසක් වාර්තා කරමින් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ජාතික ශූර පුවිදරන්ට හැකි වූ අතර එම උසම වාර්තා කළ එස්. ඊ. ජනිත් එහි දෙවැනි තැන දිනා ගත්තේ සම තරගාවලි වාර්තාවක් සමඟිනුයි.

උදෑසන වරුවේ පැවති කාන්තා මීටර් 3000 බාධක දිවීම ඉසව්ව සුපුරුදු පරිදි සිය ජයග්‍රහණය කිරීමට නිලානි රත්නායකට හැකි වුනේ මිනිත්තු 10:08.09ක කාලයකින් අවසන් කරමිනුයි.

මිනිත්තු 11:04.06 ක කාලයකින් තරගය නිමා කළ එම්. පී. හේරත් එහි දෙවැනි ස්ථානයත්, මිනිත්තු 11:14.23කින් තරගය අවසන් කළ එස්. එන්. බණ්ඩාර තෙවැනි තැනත් දිනා ගත්තා.

පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ පළමු ස්ථානය මීටර් 75.91ක දුරක් වාර්තා කළ එස්. ජේ. රණසිංහට හිමි වූ අතර පී. රණවක (මීටර් 75.24) සහ එල්. දයාරත්න (මීටර් 73.15) හට දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි වුනා.

දිනයේ තවත් අවධානයක් දිනා ගත් ඉසව්වක් වූ පිරිමි දුර පැනීම ඉසව්වේ මීටර් 7.64ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් පළමු තැන දිනා ගැනීමට ශ්‍රේෂාන් ධනංජයට හැකි වූ අතර මීටර් 7.61ක දුරක් වාර්තා කල එච්. ජී. විමලසිරි දෙවැනි තැනත්, මීටර් 7.46ක දුරක් වාර්තා කළ ජී. සම්පත් තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

දිනයේ අනෙක් තරග ප්‍රතිඵල:

  • කාන්තා කිලෝමීටර් 10 ඇවිදීම – අවසන් තරගය
  1. බී. ගයනි – මිනිත්තු 53:49.13
  2. ඩී. සඳරේකා – පැය 1:04:41
  3. එම්. තමිල්චෙල්වි – පැය 1:07:18
  • පිරිමි කිලෝමීටර් 10 ඇවිදීම – අවසන් තරගය
  1. ආර්. හේරත් – මිනිත්තු 49:08.26
  2. එල්. ප්‍රනාන්දු – මිනිත්තු 49:55.02
  3. එස්. දුනුකර = මිනිත්තු 51:26.11
  • කාන්තා මිටිය විසිකිරීම – අවසන් තරගය
  1. එම්. අමරසිංහ – මීටර් 97
  2. එන්. රත්නසිරි – මීටර් 15
  3. එන්. අයි. ද සිල්වා – මීටර් 02
  • කාන්තා උස පැනීම – අවසන් තරගය
  1. එච්. කුරේ – මීටර් 85
  2. ටී. දිනුෂිකා – මීටර් 58
  3. එන්. ප්‍රනාන්දු – මීටර් 50
  • කාන්තා තුන් පිම්ම පැනීම – අවසන් තරගය
  1. ආර්. නිරෝධා – මීටර් 64
  2. එච්. කුරේ – මීටර් 53
  3. ඒ. සෙව්වන්දි – මීටර් 62
  • පිරිමි මිටිය විසිකිරීම – අවසන් තරගය
  1. ආර්. කුමාරසිරි – මීටර් 51
  2. එස්. බණ්ඩාර – මීටර් 09
  3. එම්. ධර්මසේන – මීටර් 28

තරගාවලියේ තෙවැනි දිනය වන හෙට (23) තවත් උණුසුම් ඉසව් කිහිපයක අවසන් තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<