ආනන්දයේ දනිඳු ශතකයක් වාර්තා කරයි

SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

3
SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගයේ දී කොළඹ ආනන්ද විද්‍යාලයේ දනිඳු සෙල්ලපෙරුම ශතකයක් වාර්තා කළා.

වමත් ආරම්භක පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි ඔහු ඉනිම නිමා වන විට පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.

මේ අතර නිමා වූ තරගවල දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බෙවින් ජයවර්ධන (55), ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය විද්‍යාලයේ ජේඩන් අමරවීර (76), මොරටු මහා විද්‍යාලයේ සඳුන් සුවාරිස් (නොදැවී 90), මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ තත්සර දෙව්මිත් (නොදැවී 59), කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නවීන් නෙත්සර (95), කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අකේන් අමරජීව (නොදැවී 56), ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දුල්සත් නිම්විරු (58), කඳාන ද මැසිනෝද් විද්‍යාලයේ සහන් නෝනිස් (59) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.

දිනයේ හොඳම පන්දු යැවීමේ ගෞරවය දිනා ගත්තේ මොරටු මහා විද්‍යාලයේ දකුණතින් මඳ වේග පන්දු යවන සත්සර මිහිරංග. ඔහු මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 26කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතර ව ගාල්ල මහින්ද විද්‍යාලයේ වමතින් දඟ පන්දු යැවූ සදෙව් නෙත්මිණ කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහි ව ලකුණු 19කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

  • රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 9ක් දැවී 171 (50.0)රිසිනු රූපසිංහ 22, බෙවින් ජයවර්ධන 55, පුනාල් හංසජිත් 24, මාලන් කඩිගමුව 3/37, රොසෙල් පෙරේරා 2/31
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – කඩුලු 6ක් දැවී 127 (42.0) කවිත් ද සිල්වා 29,ගවීෂ ඉඳුවර නොදැවී 24, මනුජ නයනජිත් 23, පුනාල් හංසජිත් 2/20, ටෙනුෂ නිම්සර 2/14

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 9ක ජයක්.

 

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

  • ලුම්බිණි විද්‍යාලය – සියලුම දෙනා දැවි 40(20.4)ලොනිත මෙත්මල් 10, සදෙව් නෙත්මිණ 5/19, විශ්මිත සත්සර 4/03
  • මහින්දවිද්‍යාලය – කිසිවෙක් නොදැවී 44(4.0) සෙහස් ආශිංස නොදැවී 30

ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

  • වේල්ස් කුමාරවිද්‍යාලය – කඩුලු 8ක්දැවි 153 (50.0) ප්‍රවීන් ද සිල්වා 29, නෙතුල් අනුහස් 20, අභීත් පරණවිදාන 2/17, ආරොන් ද සිල්වා 3/19
  • සාන්ත තෝමස්විද්‍යාලය – කඩුලු 4ක් දැවී 154 (30.0)ජේඩන් අමරවීර 76, චනුත් ඇහැලියගොඩ 32, රැපියෙල් හෙට්ටිගේ 26, සුහස් සත්නිල 2/13

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – මොරටු මහා විද්‍යාලය

  • මොරටු මහාවිද්‍යාලය – කඩුලු 5ක්දැවී 183 (50.0) සඳුන් සුවාරිස් නොදැවී 90, සත්සර මිහිරංග නොදැවී 39, ෆිරාස් අහමඩ් 3/37
  • සාන්ත තෝමස්විද්‍යාලය – කඩුලු 7ක් දැවී 175(42.4) පුනාල් පමුදිත 48, තත්සර දෙව්මිත් නොදැවී 59, දිනුර පවින්ජි 27, සත්සර මිහිරංග 6/26

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 20ක ජයක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය

  • සාන්ත සෙබස්තියන්විද්‍යාලය – සියලුම දෙනාදැවී 208 (50.0) ඉෂාන් යෝශිත 30, නවීන් නෙත්සර 95, මහීෂ මිහිදුම් 22, මලීෂ ගුණසේකර 3/46, තිනුලක රාජපක්ෂ 3/57
  • ධර්මරාජ විද්‍යාලය – කඩුලු 6ක්දැවී 156(33.0) චනුත් ජයසිංහාරච්චි 37, කේශන ගුණවර්ධන නොදැවී 27, අශේන් සත්සර 2/22, දම්සිත් සුබාශන 3/25

මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 3ක ජයක්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය

  • ආනන්දවිද්‍යාලය – කඩුලු 6ක් දැවී 182(47.0) දනිඳු සෙල්ලපෙරුම නොදැවී 100, මිශික අබේවර්ධන 26, ශාරද ජයරත්න 21, පිවිතුරු සිල්වා 2/33, ලක්දුල රත්නායක 2/38
  • මලියදේව විද්‍යාලය – කඩුලු 3ක්දැවී 116(26.0) අකේන් අමරජීව නොදැවී 56, රශාන් විජේරත්න 2/14

කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 30ක ජයක්.

 

කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය කඳාන ද මැසිනෝද් ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ද මැසිනෝද් විද්‍යාලය

  • සාන්ත ඇලෝසියස්විද්‍යාලය – කඩුලු 7ක්දැවී 172 (50.0) දුල්සත් නිම්විරු 58, මියුරු යසිත් 34, මනිඳු පබසර නොදැවී 21, සිනෙත් ඉඳුවර 4/25
  • ද මැසිනෝද් විද්‍යාලය – කඩුලු 3ක්දැවී 133(37.3) සහන් නෝනිස් 59, දනිඳු අශේල් 38 

කඳාන ද මැසිනෝද් විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 27ක ජයක්.

 

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ඉසිපතන විද්‍යාලය

  • සාන්ත අන්තෝනිවිද්‍යාලය – සියලුම දෙනාදැවී 123 (42.1) මොහොමඩ් හිරාස් 28, විශ්මිත සරෝජ් 28, නෙවන් චන්දුල් 3/27, දසිත් සෙනාල් 3/21, මොනාල් විදුශාන් 3/16
  • ඉසිපතනවිද්‍යාලය – කඩුලු 3ක්දැවී 125 (15.5) තරුන් පෙරේරා 36, යුවීන් කේශාන් 21, කවිඳු දෙව්ශාන් නොදැවී 21, මොනාල් විදුශාන් නොදැවී 18

කොළඹ ඉසිපතන විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<