වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් අවසන් වූ අතර එහි දී CDB කණ්ඩායම මෙවර තරගාවලියේ 4 වැනි තරගයත් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
පෙර දින (11දා) නිමා වූ එම තරගවල දී CDB කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ Hayleys Group A කණ්ඩායමට එරෙහි ව පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 77ක් සහ BBK Partnership කණ්ඩායමේ රවිඳු රසාන්ත HNB A කණ්ඩායමට එරෙහි ව පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වුණා.
මේ අතර HNB A කණ්ඩායමේ දුවිඳු රණතුංග BBK Partnership කණ්ඩායමට එරෙහි ව ලකුණු 35කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
- මිලාන් රත්නායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- පාකිස්තානයට යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරය
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
SLC Youth සහ Fairfirst Insuarance
අතර තරගය, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
- SLC Youth – සියලුම දෙනා දැවී 101 (23.3) චනිරු සේනාරත්න 39, හිමේෂ් රාමනායක 3/14, දිලුම් සුදීර 2/19, දුශාන් විමුක්ති 2/20, සනෝජ් දර්ශික 2/00
- Fairfirst Insuarance – කඩුලු 2ක් දැවී 104 (13.5) ගවිරු සෙන්හස් 41, සංගීත් කුරේ 27, සනෝජ් දර්ශික නොදැවී 18
Fairfirst Insuarance කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
BBK Partnership සහ HNB – A අතර තරගය, කොළඹ MCA ක්‍රීඩාංගණයේ දී.
- BBK Partnership – සියලුම දෙනා දැවි 174 (45.5) රවිඳු රසාන්ත 58, නිපුන් කරුණානායක 22, දුවිඳු රණතුංග 5/35, චාමික හීනටිගල 2/19
- HNB A – කඩුලු 4ක් දැවී 176 (23.1) ජනිශ්ක පෙරේරා 46, සොහාන් ද ලිවේරා 26, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 41, මර්වින් අබිනාශ් 2/57
HNB – A කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
Hayleys Group A සහ CDB අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Hayleys Group A – සියලුම දෙනා දැවී 163 (42.5) අහන් වික්‍රමසිංහ 36, රවිඳු ප්‍රනාන්දු 33, ඉනුක කරන්නාගොඩ නොදැවී 29, ලහිරු මදුශංක 2/18, තරිඳු රත්නායක 2/39, මුදිත ලක්ෂාන් 3/45
- CDB – කඩුලු 3ක් දැවී 164 (26.2) ලසිත් කෲස්පුල්ලේ නොදැවී 77, නිපුන් ධනංජය නොදැවී 40, රවිඳු ප්‍රනාන්දු 2/34
CDB කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















