තේ පැන් සංග්‍රහය අතරතුර බිහි වූ IPL ක්‍රීඩක වෙන්දේසිය

629

විස්සයි විස්ස තරග ආකෘතිය නව මානයකට ගෙන ගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඔබ අප කවුරුත් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත් ක්‍රීඩා ඉසව්වන් අතුරින් ඉහළින්ම රැඳෙනුයේ එහි උණුසුම කිසිවිටෙකත් තරග බිමට පමණක් සීමා නොවන නිසාවෙනි.

කෝප වූ ගේල් අංක එකේ T20 පන්දු යවන්නා මට්ටු කළ හැටි

ලොව පුරා විසිරී සිටින සුපිරි ක්‍රිකට් ක්‍රීඩා තරු රැසකගේ මෙන්ම යොවුන් නැඟී එන ක්‍රීඩකයින් බොහොමයකගේ ද සිහිනය වන්නේ කෙසේ හෝ IPL තරගාවලියේ කොටස්කරුවෙකු බවට පත්වී එම ලබා ගන්නා තරග අත්දැකීම් ඔස්සේ ඔවුන්ගේ ක්‍රීඩා දිවියට යම් අමතර වටිනාකමක් එකතු කරගැනීමයි. 

මේ අතරවාරයේ දී කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරාපත් කරගැනීම වෙනදාටත් වඩා අතිශය තරගකාරී ස්වරූපයක් ගෙන තිබෙන්නේ ඊට නිර්මාණය වී ඇති ඉහළම ඉල්ලුම නිසාවෙනි.

මෙම තීරණාත්මක කඩඉම පසුකරමින් IPL වරම් හිමිකරගන්නා වාසනාවන්තයින් කවුරුන් දැයි දැක බලා ගැනීමට මුළු මහත් ක්‍රිකට් ප්‍රජාවම ඉතාමත් උනන්දුවෙන් ක්‍රීඩක වෙන්දේසි දිනය පැමිණෙන තෙක් මඟ බලා සිටින අතර ක්‍රීඩකයින් ද ඉතාමත් නොඉවසිල්ලෙන් රූපවාහිනි තිරය ඉදිරිපසට වී බලා සිටින්නේ තම සිහිනය යථාර්ථයක් බවට පත් කරගැනීමේ මොහොත උදා වන තෙක්ය. විශේෂයෙන්ම මූල්‍යමය අතින් තමන් හට ලැබෙන වටිනාකම පිළිබඳව ද ක්‍රීඩකයින් මෙහි දී විශේෂ අවධානයක් යොමු කරන බව නොරහසකි.

IPL හි නිල වෙබ් අඩවියෙන්

2008 වසරේ දී දියත් කළ IPL තරගාවලියෙහි මංගල තරග වාරයට පෙරාතුව මෙම ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳ සංකල්පය කරළියට ගෙන එමින් එය හඳුන්වා දීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තම අත්දැකීම් බෙදා හදා ගැනීමට හිටපු IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුන්දර් රමන් මහතා කටයුතු කළේ පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී ය.

ඉතිහාසය වෙනස් කරන්නට යන ක්‍රිකට් මහගෙදර සභාපතිනිය

“අපි ඒ වෙනකොට තරගාවලියේ ක්‍රීඩා කරන්නේ මොන මොන කණ්ඩායම් ද, ඒ අයට වෙන් කරලා තියෙන ක්‍රීඩාංගණ මොනවද වගේ දේවල් ගැන අවසන් තීරණයකට එළඹිලා තිබුණේ. නමුත් ලොකුම ප්‍රශ්නෙකට තිබ්බේ අපිට හරි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ කොහොමද කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරාපත් කරගන්නේ කියලා. ඉතින් දවසක් අපි සංවිධායක කමිටුව ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරන්න හවසක එකතු වුන වෙලාවක තමයි අපිට එක පාරටම මේ වෙන්දේසිය ගැන අදහසක් ඔළුවට ආවේ.”

“අපි ඒ වෙනකන් හිතාගෙන හිටියේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ව ඒ අය කුඩා කාලයේ ඉඳන් ක්‍රීඩා කරපු ප්‍රදේශ නියෝජනය වෙන විදියට කණ්ඩායම්වලට බෙදන්න කියලා. සචින් තෙන්දුල්කාර් මුම්බායි, විරේන්ද්‍ර ෂෙවාග් දිල්ලි, යුවරාජ් සිං පන්ජාබ්, සරොව් ගන්ගුලි කොල්කටා වගේ. අන්තිමේ දී ආවා ප්‍රශ්නයක් දෝනිව මොන කණ්ඩායමට ද අයිති වෙන්නෙ කියලා.”

ආචර් දෙවැනි COVID පරීක්ෂණයෙන් සමත්

“ඔන්න ඔය ගැන කතා කරන අතරතුරේ තමයි එක්තරා කණ්ඩායමක කළමනාකරුවෙක් යෝජනාවක් ගෙනාවේ වෙන්දේසියක් තිබ්බොත් හොඳයි නේද කියලා. මට හරියටම මතක නැහැ ඒ අදහස යෝජනා කරපු පුද්ගලයා මොන කණ්ඩායමේ ද කියලා. ඉතින් අපි ඔය සම්බන්ධයෙන් විනාඩි දෙකක් විතර සාකච්ඡා කරාට පස්සේ එකඟතාවකට ආවා ඒ විකල්පයට යන එක වඩාත් සුදුසුයි කියලා. තේ එකක් බොන වෙලාවක නිකන් ආපු අදහසකින් තමයි ක්‍රීඩක වෙන්දේසිය බිහි වෙන්නේ.”

IPL හි නිල වෙබ් අඩවියෙන්

IPL තරගාවලියෙහි 13 වැනි අදියර මේ වසරේ මාර්තු මස සිට මැයි මස දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබුනත්, Covid-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟම එම දින වකවානුවල වෙනසක් සිදු කරමින් තරගාවලිය තවදුරටත් කල් දැමීමට සංවිධායකවරුන් කටයුතු කොට තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<