බුවනේෂ්වර් IPL තරගාවලියෙන් ඉවතට

156
Bhuvneshwar Kumar
@HindustanTimes

බුවනේෂ්වර් කුමාර් හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වන බව වාර්තා වෙනවා. ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ තරගයේ දී ආබාධයකට ලක් වීම නිසයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ 19 වැනි පන්දුවාරයේ දී බුවනේෂ්වර් ආබාධයකට ලක් වූ අතර ඔහුට එම පන්දුවාරයේ දී යවන්නට හැකි වූයේ එක පන්දුවක් පමණයි. ඔහුගේ ආබාධ තත්වය පිළිබඳ තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ.

බුවනේෂ්වර් මෙවර තරග වාරයේ සන්රයිරස් කණ්ඩායමේ පළමු තරග හතරම ක්‍රීඩා කළා. එහි දී ලකුණු ලබා දීමේ වේගය 6.98ක් ලෙස රඳවා ගත් ඔහුගේ අහිමි වීම සන්රයිසස් කණ්ඩායමට දැඩි පාඩුවක් වනු ඇත. චෙන්නායි තරගය ඔහු ජය ගත්තත් ඉන්පසුව පැවැත්වුණු මුම්බායි තරගය ඔවුන් පරාජය වුණු නිසා සන්රයිරස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පහළට පසු බසින්නට සිදු වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

බුවනේෂ්වර් දිගින් දිගටම ආබාධවලට මුහුණ දුන් ක්‍රීඩකයෙක්. 2018 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 17න් තරග පහක්ම ඔහුට මඟහැරුණේ පිට කොන්දේ ආබාධයක් නිසාවෙන්. ඒ වසරේම ඉන්දියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ඔහුට තුන්වැනි විස්සයි විස්ස තරගය හා පළමු එක්දින තරග දෙක ද අහිමි වුනේ එම ආබාධය නිසාවෙන්මයි. පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දී ඔහුට විවේක ගන්වන්නට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කළා. 

100%ක්ම සුව නොවුණත් බුවනේෂ්වර් 2018-19 ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයට සහභාගී වුනා. 2019 ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ද ඔහු කලවයේ ආබාධයකට ලක් වූ අතර ඔහුට ඇෆ්ගනිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් හා එංගලන්තය අතර තරග තුන අහිමි වුනා.

ඔහුට කොදෙව් සංචාරය මඟහැරුණු අතර දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරග තුන හා විස්සයි විස්ස තරග තුන ඔහුට අහිමි වුනේ ද කොන්දේ ආබාධයක් නිසා. ඒ වසරේම බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කරද්දී ඔහුට විස්සයි විස්ස තරග තුනක් මඟහැරුණා.

CricBuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<