ආචර් දෙවැනි COVID පරීක්ෂණයෙන් සමත්

123

දෙවන වතාවටත් COVID-19 පරීක්ෂණයෙන් සමත් වූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආචර් හට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගී වීම සඳහා සදම්ප්ටන් වෙත පිටව යන්නට අවසර ලැබී තිබෙනවා. 

තරග තුනකින් සමන්විත කොදෙව් – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදම්ප්ටන් හි Ageas Bowl ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි. සිය පවුලේ සාමාජිකයෙක් අසනීප වූ නිසා විසිපස් හැවිරිදි ආචර් එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම් සඳහා සහභාගී නොවුණු අතර දෙවරක් COVID පරීක්ෂණයට මුහුණ දීමෙන් අනතුරුව ඔහුට නැවතත් පුහුණුවීම් සඳහා එක්වීමට අවසර ලැබුණා.

තරග පාවාදීමේ නීති ඉන්දියාවේ ලොකු වෙනසක් කරාවි

“ජෝෆ්රා ආචර් COVID-19 පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා, ඔහු Ageas Bowl හි පැවැත්වෙන එංගලන්ත පුහුණු කඳවුරට ඉක්මනින් පිටත්ව යෑමට නියමිතයි. හෙට උදෑසනම ඔහු නැවතත් පුහුණුවීම් ආරම්භ කරයි” එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා Tweeter පණිවිඩයක් නිකුත් කර තිබුණා. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බදාදා ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ ආචර්ගේ පවුලේ සාමාජිකයෙකුට අසනීප තත්වයක් ඇතිව තිබෙන නිසා ආචර් පුහුණු කඳවුරට සහභාගී වීම පමා වී ඇති බවයි.

“ආචර් හා ඔහුගේ පවුලේ අය COVID-19 පරීක්ෂණය සමත් වුනා. ඔහු බදාදා දෙවන COVID-19 පරීක්ෂණයකට සහභාගී වීමට නියමිතයි. එහි දී ඔහු එම පරීක්ෂණය සමත් වුනොත් ඔහුට බ්‍රහස්පතින්දා පුහුණුවීම්වලට සහභාගී වෙන්න පුළුවන් වෙයි” එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කර තිබුණු ප්‍රකාශයේ සඳහන් වුනා.

ආචර්ට තවත් PCR පරීක්ෂණයක්

ආචර්ට අමතරව එංගලන්ත කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් කොදෙව් ටෙස්ට් තරගාවලියට පෙර COVID-19 පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ සදම්ප්ටන් හා මැන්චෙස්ටර් හි ක්‍රීඩාංගණවල සේවයේ යෙදෙන සියලුම පාර්ශවයන් ද ජුනි 3 වැනිදා සිට ජුනි 23 වැනිදා දක්වා COVID-19 පරීක්ෂණ සඳහා භාජනය කළ බවයි. ඔවුන් සඳහා COVID1-19 පරීක්ෂණ 702ක් සිදු කළ බවත් ඔවුන් සඳහන් කර සිටියා.

“අපිට තහවුරු කරන්න පුළුවන් පරීක්ෂණ 702න්ම COVID-19 රෝගීන් හඳුනා ගත්තේ නැහැ” එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියා. “එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සියලු පරීක්ෂණ ක්‍රියාත්මක කළේ ජුනි 3 හා 23 අතරයි. ඒ Ageas Bowl හා එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ජීව විද්‍යාත්මකව සුරක්ෂිත කරන ලද ක්‍රීඩාංගණ තුළයි.”

“මේ පරීක්ෂණ සිදු කරන ලද්දේ, ක්‍රීඩකයින්, සහය කාර්ය මණ්ඩලය, තරග නිලධාරීන්, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාර්ය මණ්ඩලය. හෝටල්වල කාර්ය මණ්ඩලය හා ක්‍රීඩාංගණවල කාර්ය මණ්ඩලය අතරයි.”

ආසියානු කුසලානය UAE හෝ ලංකාවේ

එංගලන්තය මේ  දිනවල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා පුහුණුවීම් සිදු කරන අතර එම තරගාවලිය එළඹෙන ජූලි 8 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

HindusthanTimes ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<