ඔරලෝසුවක් ත්‍යාග දුන් මලල ක්‍රීඩා බලධාරියාට තහනමක්

140
Ahmad Al Kamali

ලෝක මලල ක්‍රීඩා සංගමයේ නීති උල්ලංඝනය කළ හිටපු ලෝක මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මලල ක්‍රීඩා ප්‍රධානියා ද වන Ahmad Al Kamali හට මාස හයක තරග තහනමක් පැනවීමට මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය කටයුතු කර ඇත.

ඔහු විසින් 2015 වසරේ දී ලෝක මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය දරන අතර වාරයේ දී පැවති ඡන්ද විමසීමක දී මනාප ලබා ගැනීම සඳහා අප්‍රිකානු මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයන් හට ඉහළ වර්ගයේ අත් ඔරලෝසු ලබා දුන් චෝදනාව මත ඔහු හට ඔක්තෝබර් සිට මලල ක්‍රීඩාවට සම්බන්ධ සියලූම ක්‍රියාකාරකම් තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කර තිබුණි.

පසුව සිදු කළ විමර්ශනවල දී ඔහු විසින් එම නියෝජිතයන් හට එම ඔරලෝසු ලබා දුන් බවට පිළිගත් නිසාවෙන් ඔහු හට මාස හයක මලල ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රියාකාරකම් හී තහනමක් සහ යූරෝ 5,000ක දඩ මුදලක් පැනවීමට බලධාරීන් තීරණය කරන ලදි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

Ahmad Al Kamal හට පැනවූ තහනම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය සඳහන් කර තිබුණේ ඔහු විසින් මලල ක්‍රීඩා සංගමයේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසාවෙන් මෙම තහනම පැනවීමට කටයුතු කළ බවයි.

“මෙලෙස වටිනා ත්‍යාග ලබා දීම ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් තහනම් කිරීමේ අරමුණ සංගමයක් ලෙස සියලූම සාමාජිකයන්ගේ අපක්ෂපාතීත්වය දිගටම පවත්වා ගැනීමයි. ඒ නිසාවෙන් Al Kamal හට මලල ක්‍රීඩාවට සම්බන්ධ සියලූම ක්‍රියාකාරකම් සඳහා මාස හයක තහනමක් පැනවීමට තීරණය කළ අතර එම කාලය තුළ දී මලල ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු දෙයක් ඔහු සන්තකයේ තබා ගැනීම ද තහනම් වේ” යැයි එහි වැඩි දුරටත් සඳහන් ව තිබුණි.

මෙම තීරණය සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට Ahmad Al Kamal හට අවස්ථාවක් හිමිවන අතර ඔහු විසින් එලෙස අභියාචනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඉදිරි සති තුන ඇතුළත එය ඉදිරිපත් කළ යුතු වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<